Header

Sri Lanka Army

Defender of the Nation

21st January 2016 16:55:51 Hours

යාපනය ආඥාපති සිය සෙබලුන්ගෙන් සමුගනි

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරයා ලෙස ක්‍රියා කළ මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත සිය රාජකාරි අවසන් කොට තමන් යටතේ සේවය කළ සෙබලුන්ගෙන් ඉරිදා (19) දින සමු ගත්තේය. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 51,51,55 සේනාංකවල සහ කන්කසන්තුරේ පිහිටි උතුරු ඉදිරි නඩත්තු ප්‍රදේශයේ සංචාරය කළ අතර, එහි දී සෙබලු අමතමින් හෙතෙම රාජකාරි කටයුතු වඩා උසස් මට්ටමින් කර ගැනීමට දැක් වූ දායකත්වයට සිය ස්තූතිය පිරිනැමීය. එම සේනාංකවල සේනාංකාධිපතිවරු සංචාරය සඳහා පැමිණි ආඥාපතිවරයා මහත් හරසරින් පිළිගනු ලැබීය. යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සෙබලු එතුමා වෙත හමුදා සම්ප්‍ර‍දායානුකූලව සම්මාන මුරයක් ද පිරිනැමීය. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට එක් ව සිටියහ. Sports News | Nike SB