Header

Sri Lanka Army

Defender of the Nation

19th January 2016 16:27:17 Hours

121 බලසේනාව සිය 2 වන සංවත්සරය සමරයි

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාව සිය 2 වන සංවත්සරය වෙනුවෙන් එම බලසේනාධිපති කර්නල් බි.එම්.ජේ. බාලසූරියගේ මගපෙන්විම මත ජනවාරි 07 සිට 09 දක්වා දිනයන්හි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. මෙම සංවත්සර වැඩසටහන යුද හමුදා සාමාජිකයින් හට සෙත්පතා කතරගම දේවාලයේ පැවති විශේෂ පූජාවත් සමඟින් ආරම්භ විය. තවද, කර්නල් බාලසුරිය වෙත සම්මාන මුරයක් පිරිනැමිම, බලසේනාධිපති විසින් සෙබලුන් ඇමතීම සහ සංවත්සර දිනය සිහිවිම පිණිස පැළයක් රෝපනය කිරීම ද ජනවාරි 09 වන දින සිදුකෙරිනි. එමෙන්ම, නවතමයෙන් ඉදිකරන ලද බලසේනා මූලස්ථාන පිවිසුම් දොරටුව සහ මුරහල 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජි.ආර්.එච්. ඩයස් විසින් විවෘත කළ අතර, කඳවුර මධ්‍යයේ ඉදිකළ නව හෝරාස්ථම්භය කර්නල් බාලසුරිය විසින් විවෘත කරන ලදි. එදින සන්ධ්‍යාවේ සියලු නිලයින්ගේ සුහද හමුවෙන් අනතුරුව සංවත්සර වැඩසටහන නිමාවිය.affiliate link trace | Releases Nike Shoes