Header

Sri Lanka Army

Defender of the Nation

19th January 2016 02:52:42 Hours

කිලිනොච්චි සෙබලුන් තෛපොංගල් උත්සවය සමරයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන් විසින් එම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මගපෙන්විම මත පසුගිය සිකුරාදා (15) දින තෛපොංගල් උත්සවය සමරන ලදි. ඒ අනුව 6 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය විසින් තිරුමුරුක්කණ්ඩි කෝවිලේ දී විශේෂ පූජාවක් ද සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් කරුණාසේකර සමග ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ. එමෙන්ම, 57 වන සේනාංකයේ සහ 571 බලසේනාවේ සෙබලුන් විසින් මලයාලම්පුරම් එස්කේ වැඩිහිටි නිවාසයේ රැඳවියන් හා කාර්ය මණ්ඩලය වෙත නොමිලේ දිවා ආහාරය ලබාදෙන ලදි. එහි දි මේජර් ජෙනරාල් කරුණාසේකර සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම වැඩිහිටි නිවාසයේ රැඳවියන් වෙත ත්‍යාග පාර්සල් ලබාදීම සිදු කලහ.Running sports | New Releases Nike