Header

Sri Lanka Army

Defender of the Nation

19th January 2016 02:43:33 Hours

නික්ම යන වන්නි ආඥාපති වෙත සෙබලුන්ගේ උපහාර

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා රාජකාරි නිම කොට යුද හමුදා මුලස්ථානයේ නතතුරක් සඳහා නික්මයාම වෙනුවෙන් ජනවාරි 11 සිට 13 දක්වා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. ජනවාරි 11 වන දින 62 සේනාංකයේ සංචාරය කළ මේජර් ජෙනරාල් පෙරේරා එම සේනාංකයේ සේනාංකාධිපති විසින් පිළිගන්නා ලදි. එහි දි 62 වන සේනාංක සෙබලුන් විසින් සම්මාන මුරයක් ද පිරිනමන ලදි. අනතුරුව මේජර් ජෙනරාල් පෙරේරා විසින් සෙබලුන් ඇමතු අතර, සියලුම නිලධාරින් සහ සෙබලුන් වෙත සිය ස්තුතිය පුද කරන ලදි. ඉන්පසු මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා වෙහෙරතැන්න නැවත පදිංචි කළ ගම්මානයේ සංචාරය කළ අතර, එම ගම්වැසියන් විසින් එතුමා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ගම්වැසියන් ඇමතූ හෙතෙම ඔවුන් සමග සුහද පිළිසඳරක නිරත වී ඔවුන්ගෙන් සමුගත්තේය. එමෙන්ම, ජනවාරි 12 වන දින මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54වන සේනාංකයේ සංචාරය කළ අතර, ප්‍ර‍ධාන සැරහුම් මධ්‍යස්ථානයේ ද සංචාරය කර එහි ප්‍ර‍තිකාර ලබන්නන් හට ත්‍යාග පාර්සල් ද පිරිනැමීය. අනතුරුව මේජර් ජෙනරාල් පෙරේරා ජනවාරි 13 වන දින 4 වන (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සහ යුද හමුදා මුලික රෝහලේ සංචාරය කරන ලදි. එහි අණදෙන නිලධාරීන් ඇතුළු පිරිස එතුමා වෙත සිය ගෞරවාචාරය පුද කලහ‍.Sport media | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK