Header

Sri Lanka Army

Defender of the Nation

19th January 2016 02:31:07 Hours

53 වන සේනාංකයේ නික්ම යන සේනාංකාධිපති වෙත සෙබලුන්ගේ ආචාරය

53 වන සේනාංකයේ සෙබලුන් විසින් එම සේනාංකයෙන් නික්ම යන සේනාංකාධිපති මේජර් ජෙනරාල් මෛත්රී ඩයස් වෙනුවෙන් බ්රස්පතින්දා (14) සහ සිකුරාදා (15) දිනයන්හි විශේෂ උපහාර වැඩසටහන් සංවිධානය කරන ලදි. ඒ අනුව බ්රහස්පතින්දා (14) දින සේනාංක මුලස්ථාන පරිශ්රයේ දී මේජර් ජෙනරාල් ඩයස් වෙත සම්මාන මුරයක් හා සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමු අතර, නියෝජ්ය සේනාංකාධිපති බ්රිගේඩියර් පී.ඒ.ඩි. කහපොල විසින් මුලස්ථාන පිවිසුම අභියස දී එතුමා පිළිගනු ලැබීය. ඉන් අනතුරුව මේජර් ජෙනරාල් ඩයස් විසින් සෙබලුන් ඇමතු අතර, සේනාංකාධිපති ලෙස කටයුතු කිරීමේ දී ඔවුන් ලබාදුන් සහයෝගය පිළිබඳව ස්තුතිය පුද කරන ලදි. ඉන් පසු සියලු නිලයින් වෙනුවෙන් සමරු ඵලකයක් ද ඔහු වෙත පිළිගන්වීය. සිකුරාදා (15) දින පැවති සංවත්සර උත්සවය නිමාවට පෙර මේජර් ජෙනරාල් මෛත්රී ඩයස් විසින් ඔහු යටතේ සේවය කළ නිලධාරීන් සහ සෙසු නිලයින් හමුවී සුහඳ පිළිසදරක නිරත වූ ඔවුන් වෙත සිය ස්තුතිය ද ප්රකාශ කරන ලදි.bridgemedia | Air Jordan