Header

Sri Lanka Army

Defender of the Nation

13th January 2016 13:11:56 Hours

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයෙන් සුපවේදී වැඩමුළු ආරම්භ කෙරෙයි

යුද හමුදාපතිතුමාගේ යෝජනාවකට අනුව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවය කරන යුද හමුදා අරක්කැමියන් සහ ඒ හා අදාළ කාර්ය මණ්ඩලයේ දැනුම වර්ධනය කිරීම සඳහා වැඩමුළු කිහිපයක් යටතේ පුහුණුව ලබාදීම සඳුදා (11) ආරම්භ විය. බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මගපෙන්විම මත සංවිධානය කළ මෙම වැඩමුළුවට උසස් අධ්‍යාපනය සඳහා වූ ඇක්වයිනාස් විද්‍යාලයේ හෝටල් කළමනාකරණ පීඨයේ සහාය ලැබි ඇත. මෙම සුපවේදී වැඩමුළුවේ පළමු අදියර සඳුදා (11) දින 1 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා ප්‍ර‍ධාන ශ්‍ර‍වණාගාරයේ දී ආරම්භ වූ අතර, සතියක පමණ කාලයක් මෙම වැඩමුළුව පැවැත් වේ. පළමු අදියර සඳහා යුද හමුදා අරක්කැමියන් සහ ඒ හා අදාළ කාර්ය මණ්ඩලයේ 400 දෙනෙකු සහභාගි වූ අතර, සුපවේදී කපිල ජයනෙත්ති විසින් සෞඛ්‍ය සම්පන්න ආහාර පිළියෙල කිරීම, උපකරණ ඵලදායි ලෙස භාවිතා කිරීම හා වියළි සහ අමු සලාක ක්‍ර‍මානුකූලව ගබඩා කිරීම ආදි මාතෘකා ආවරනය වන පරිදි මෙම වැඩමුළුව මෙහෛය විය. latest jordans | Sneakers