Header

Sri Lanka Army

Defender of the Nation

11th January 2016 17:22:52 Hours

යුද හමුදාපතිතුමා සංකේතාත්මකව අඹ පැළයක් රෝපණය කරමින් ජාතික රුක් රෝපණ වැඩසටහනට දායක වේ

සියලු රාජ්‍ය ආයතන සඳහා රජය විසින් උපදෙස් ලබා දී ඇති පරිදි දිවයින පුරා ක්‍රියාත්මක ජාතික රුක් රෝපන ව්‍යාපාරයට සමගාමිව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ විසින් සෙනසුරාදා (09) දින මහනුවර, පල්ලේකැලේ 11 වන සේනාංක මුලස්ථානයේ දී සංකේතාත්මකව අඹ පැළයක් රෝපනය කරන ලදි. 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර විසින් 11 සේනාංක මුලස්ථානය වෙත පැමිණි ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පිළිගනු ලැබිය. මෙහිදි සුභ මොහොතින් යුද හමුදාපති ප්‍ර‍ථම අඹ පැළය රෝපනය කළ අතර, මෙම සේනාංකයේ සේවය කරන සියලුම නිලයින් විසින් තවත් පැළ 50 ක් පමණ රෝපනය කරන ලදි. පසුගිය දින දෙක තුළ දිවයින පුරා යුද හමුදා සේනාංක, බලසේනා හා බළඇණි පරිශ්‍ර තුල පැළ 15,000 කට අධික ප්‍ර‍මාණයක් සිටුවමින් මෙම ජාතික කර්තෘවය සඳහා දායක විය. ඒ පිළිබඳ තොරතුරු පහත දැක් වේ: ජනාධිපති සිය ධුරයට පත් වී වසරක් පිරීම නිමිත්තෙන් දිවියින පුරා විවිධ වැඩසටහන් පැවැත්වෙන අතර, සිකුරාදා (8) දින ඒ වෙනුවෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත සියලු ආරක්ෂක සේනා මූලස්ථානයන් ජාතික රුක් රෝපන වැඩසටහන සදහා දායක වී ඇත. ඒ අනුව බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මුලිකත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කරමින් සංකේතාත්මකව අඹ පැළයක් රෝපණය කරනු ලැබීය. අනතුරුව බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ බලඇණි විසින් ද පැළ රෝපණය ආරම්භ කරනු ලැබීය. මෙම වැඩසටහන යටතේ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පැළ 2000 ක් රෝපනය කරන ලදි. මේ අතරතුර, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ද ජනාධිපති සිය ධුරයට පත් වී වසරක් පිරීම නිමිත්තෙන් එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාගේ අධීක්ෂණයෙන් දියතලාව කලුඅඹතැන්න යුද හමුදා ගොවිපලෙහි රුක් රෝපන වැඩසටහන දියත් කරනු ලැබීය. ඒ අනුව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි මාතෙටිල්ල ඔය ප්‍ර‍දේශයේ පාංශු සංරක්ෂණය කිරීමේ අරමුණින් උණ, කුඹුක්, පළතුරු වර්ග ඇතුළු ශාක පැලෑටි රෝපණය කරනු ලැබූ අතර, එම අවස්ථාව සදහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ.එම්.ඩී.ඒ.ඒ ද සිල්වා සමගින් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් සහභාගි වූහ. එමෙන්ම, යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්තගේ අධීක්ෂණය යටතේ සිකුරාදා (8) උදෑසන එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍ර‍යේ දී ද පැළ 300 ක් රෝපණය කරනු ලැබීය. එහිදි එම අවස්ථාව සංකේතවත් කරමින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඩී.එස් වීරමන් විසින් ප්‍ර‍ථම පැළය රෝපණය කරනු ලැබීය. කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය ද ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව සිකුරාදා (8) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පැළ රෝපණය කිරීමේ වැඩසටනක් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් ප්‍ර‍ථම පැළය රෝපණය කළ අතර, අනතුරුව එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංක සහ බලසේනා විසින් පැළ 500 ක් රෝපණය කරනු ලැබීය. වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ අධික්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍ර‍දේශයේ දී ද ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව පේර පැළ 30 ක් රෝපනය කරනු ලැබීය. මෙම වැඩසටහන සදහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන පාලන හා භටකාර්ය සම්පාදක බ්‍රිගේඩියර් ජේ.ඒ.ඩී.පී ජයතිලක සහ එම ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජී.ඩබ්ලිව්.ඩී.කේ ජයතිලක ඇතුලු නිළධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ. එදින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන සේනාංක සහ බලසේනාහි රාජකාරී නියුතු නිළධාරීන් සහ සෙසු නිළයින් ද මෙම ජාතික රුක් රෝපණ වැඩසටහන සඳහා දායක වූහ. buy footwear | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf