Header

Sri Lanka Army

Defender of the Nation

08th January 2016 21:28:07 Hours

යුද හමුදා සෙබලුන් ජාතික ලේ බැංකුවෙහි අවශ්ය තාවය මත ලේ දන් දීමේ ව්යාාපාරයක

බටහිර ආරක්ෂක සේනා මූළස්ථානය අධීක්ෂණය යටතේ ජනවාරි මස 15 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ 26 වන සංවත්සරය නිමිත්තෙන් එම බලකායේ සෙබලුන් විසින් බ්‍ර‍ස්පතින්දා (7) දින පනාගොඩ බෝධිරාජාරාම විහාරයේ ලේ දන් දීමේ වැඩසටහනක් පවත්වා ඇත. ජාතික ලේ බැංකුවේ ඉල්ලීමකට අනුව මෙම ලේ දන් දීමේ කදවුරු පවත්වනු ලැබීය. බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ සහයෝගය ඇතිව සෞඛ්‍ය අමාත්‍යංශ ජාතික රුධිර පාරවිලයන සේවය සහ පනාගොඩ යුද හමුදා මූලික රෝහලෙහි වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග එක්ව මෙ වැඩසටහන සංවිධානය කරනු ලැබීය.Sport media | Nike Shoes