Header

Sri Lanka Army

Defender of the Nation

08th January 2016 20:41:45 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන පුහුණු දිනය පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණය යටතේ බදාදා (6) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පුහුණුවීම් දිනය පවත්වනු ලැබීය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි ගේ ප්‍ර‍ධානත්වයෙන් මෙවර පුහුණු දිනයේ දේශණ සැසිවාර මෙහෙයවනු ලැබීය. මෙවර ගැමුණූ හේවා බලඇණියේ කපිතන් ඩබ්ලිව්.ඒ.පී.ආර් රූපතුංග විසින් ‘ෆීල්ඩ් මාර්ෂල් ස්ලිම්ගේ නායකත්ව ගුණාංග’ පිලිබදව දේශණය සහ සන්නද්ධ බුද්ධි බලකායේ ලුතිතන් ඒ.එච්.එම් කාන් විසින් ‘ආරක්ෂාව’ පිළිබදව දේශණය සිදු කරනු ලැබීය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංක, බලසේනා සහ ඉදිරි නඩත්තු පෙදෙසෙහි රාජකාරී නියුතු නිළධාරීන් 50 දෙනෙකු මෙම දේශණය සදහා සහභාගි වූහ.latest Nike Sneakers | Nike Shoes, Sneakers & Accessories