Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2016 17:29:34 Hours

22 වන සේනාංක සෙබලුන් සුබසාධක ව්‍යාපෘති රැසක් සමගින් නත්තල සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංක සෙබලුන් විසින් නත්තලට සමගාමීව දෙසැම්බර් මස 23 සහ 24 යන දිනයන්හි සුබසාධක ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව හේමාස් පුද්ගලික ආයතනයෙහි දායකත්වයෙන් රේවත ළමා නිවාසය, ලිංගනගර් ළමා නිවාසය, කල්ලාර් ළමා නිවාසය, ඉච්චලම්පත්තු ළමා නිවාසය, ලංකාපටුන ළමා නිවාසය, නීලපොළ ළමා නිවාසය සහ දෙහිවත්ත ළමා නිවාසයෙහි ළමුන් සදහා විවිධ පරිත්‍යාගයක් සිදු කරන ලදී. එදින ළමුන් 155 දෙනෙකු සදහා විවිධ පරිත්‍යාගයන් ලබා දුන් අතර, එම අවස්ථාව සදහා 22 වනසේනාංකයෙහි නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.bridgemedia | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp