Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2016 17:22:18 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන තවත් ඉංග්‍රීසි පාඨමාළාවක් ආරම්භ වේ

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යු.එස් විතානගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මුලස්ථාන බල ප්‍රදේශයේ සේනාංක, බලසේනා, ඉදිරි නඩත්තු පෙදෙසෙහි සහ ඒකකයන්හි රාජකාරී නියුතු සෙසු නිළයින්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පවත්වනු ලැබූ 5 වන ඉංග්‍රීසි පාඨාළාව පසුගිය අගහරුවාදා ආරම්භ විය. මෙම පාඨමාලාව සදහා සෙසු නිළයින් 40 දෙනෙකු සහභාගි වූ අතර, මෙහි සමාරම්භක උත්සයෙහි දේශණය බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාව සදහා මාණ්ඩලික නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ. Running Sneakers | Nike Air Force 1 , Sneakers , Ietp STORE