Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
05th January 2016 20:28:20 Hours
යුද හමුදාපති නව අවුරුදු දිනයේ දී සෙබලුන් අමතමින් රට වෙනුවෙන් කල යුතු කාර්යභාර්ය පිළිබදව අදහස් දක්වයි
ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය විසින් 2016 නව වසර උදාව ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරූ අතර, එහිදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් නව වසරේ ප්‍රථම වැඩ දිනයේදී ප්‍රකාශ කර සිටියේ රටේ භෞමික අඛන්ඩතාවය සහ ඒකීයභාවය සුරකිමින් රටේ සංවර්ධන ක්‍රියාවලියට උරදීමට යුද හමුදා සාමාජිකයන් ක්‍රියාකළ යුතු බවයි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිතුමා යුද හමුදාවේ මනා පැවැත්මට රුකුල්වන ඉතාම වැදගත් සහ වටිනාම සාධකය විනය බවත් මේ වසරේදීත් විනය මනා ලෙස පවත්වාගෙන යාමට සියලු භට පිරිස් ක්‍රියා කළ යුතු වබ අවදාරණය කරන ලදී. මෙහිදී යුද හමුදාපතිතුමා ප්‍රකාශ කර සිටියේ මහජන මුදලින් වැටුප් ලබා ගන්නා යුද හමුදා සාමාජිකයන් ඉතා කාර්යක්ෂම සහ ඵලදායී ලෙසින් තම කාර්යයන් ඉටු කලයුතු බවය. දේශයේ අභිමානය සංකේතවත් කරමින් ජාතික ධජය උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්තද සිල්වා විසින් ඔසවන ලද අතර, හමුදා සම්ප්‍රදායන්ට අනුගත වෙමින් යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මහින්ද අඹන්පොළ යුද හමුදා ධජය එසවීමෙන් අනතුරුව උත්සවයට සභාගි වූ සියලු භට පිරිස් ජාතික ගීතය හා සාගරයෙන් වට - මේ මගේ මව් රට නම් වූ යුද හමුදා ගීතය ද ගායනා කලහ. එමෙන්ම පෙරවරු 9.15 ට දේශය වෙනුවෙන් තම දිවි පුද කළ විරුවන් සියල්ලන්ම සිහිපත් කොට විනාඩි දෙකක කාලයක් නිශ්ශබ්දව සිට ඔවුන්ට ගෞරව දැක්වීමට සැම දෙනා එක්වූහ. එකම රටක් එකම ජාතියක් සහ එකම ධජයක් යන හැඟීමෙන් මහජනතාවට සහ රටට සේවය කළ යුතු බවට වන ප්‍රතිඥාව පිරිස් පරිපාලන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඒ.එල්.එස්.කේ පෙරේරා මෙහි දී සිහිපත් කළේ නව වසරේ වැඩ ආරම්භ කළ ප්‍රථම දිනයේ වැදගත්කම සිහිපත් කරමිනි. ඉන් පසුව යුද හමුදාපතිතුමා විසින් සිය අලුත් අවුරුදු පණිවිඩය රැස්ව සිටි පිරිසට ඉදිරිපත් කරනු ලැබීය. (යුද හමුදා වෙඩ් අඩවියේ උණුසුම් පුවත් අංගයේ සම්පුර්ණ පණිවිඩය ඇත) ඉන් පසුව සෑම වසරකම නව වසර වෙනුවෙන් සිදු කරනු ලබන සියලු නිල තේ පැන් සංග්‍රහය මෙවර ද පැවති අතර එහි දී යුද හමුදාපතිතුමා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පැමිණ සිටි හමුදා සාමාජිකයින් සමඟ සුහද පිළිසඳරක ද නිරත වූහ. දිනයේ දෙවන අදියරේ දී යුද හමුදාපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාරාහේන්පිට යුද හමුදා රෝහල සංචාරය කළේ ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයින්ගේ සුවදුක් බැලීම සඳහාය. යුද හමුදාපතිතුමා සිදුකල රෝහල් සංචාරයට සමගාමීව ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් ද දිවයිනේ පිහිටි සියලු හමුදා රෝහල් සියලු අභිමංසල සුවසහන මධ්‍යස්ථාන, රාගම රණවිරු සෙවණ, මිහිදු සෙත් මැදුර හා අනෙකුත් ප්‍රධාන රොහල්හි නේවාසිකව ප්‍රතිකාර ලබන සෙබලුන්ගේ සුව දුක් සොයා බලා ත්‍යාග පාර්සල් පිරිනැමීම ද සිදු කරන ලදී. මීට අමතරව යුද හමුදා මූලස්ථානයේ උපදෙස් පරිදි අනෙකුත් සේනාංක මූලස්ථාන වලද නව වසර ඇරඹීමේ උත්සව එම සේනාංක මූලස්ථාන ආඥාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, මෙහිදී නව වසරේ ප්‍රතිඥාව කියවනු ලදී.
latest Nike release
|
【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ