Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2016 17:20:27 Hours

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි පුහුණු පාඨමාලාවල නිරත භට පිරිස් සදහා නව නේවාසික පහසුකම් පද්ධතියක්

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍ර‍දේශයේ පුහුණු පාඨමාලාවල නිරත වන නිලධාරීන් සහ සෙසු නිළයින්ගේ ප්‍රයෝජනය සදහා ඉදි කළ නව නේවාසික ගොඩනැගිල්ල යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත විසින් පසුගිය සිකුරාදා (1) දින විවෘත කරනු ලැබීය. එකවර සාමාජිකයින් 40 දෙනෙකු සඳහා පහසුකම් ලබා ගත හැකි වන පරිදි ඉදි කොට ඇති මෙම ගොඩනැගිල්ලෙහි පළමු අධියර 2015 නොවැම්බර් මස 29 දින විවෘත කරනු ලැබීය. මෙහි දෙවන අධියර යටතේ සාමාජිකයින් 80 දෙනෙකුට පහසුකම් සලසා ඇති අතර, ස්වයං අධ්‍යයන කාමර සහ පරිගණක අංශයක් ද ඇත‍. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු ඉංජිනේරු සෙබලුන් විසින් ඉතා කෙටි කලක් තුලදී මෙහි ඉදි කිරීම් කටයුතු සිදු කරන ලදි.Adidas footwear | Nike sneakers