Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
01st January 2016 20:07:17 Hours
සාමය, සතුට පිරි සෞභාග්‍යවත් සුභ නව වසරක් වේවා !
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යවත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි. 2016 නව වසර වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිකුත් කරනු ලබන පණිවුඩය පහත සදහන් වේ. ශ්‍රී ලංකාවේ ඒකීයත්වය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීමෙහිලා අසම සම මෙහෙවරක් ඉටු කරමින්, දිවි හිමියෙන් කටයුතු කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඔබ සියලු දෙනා වෙත, යුද්ධ හමුදාධිපතිවරයා ලෙස, නව වසර උදාව වෙනුවෙන් ශුභාශිංෂණ පණිවුඩයක් එක් කරනුයේ හද පිරි සතුටින් යුතුවය. සාමකාමී රටක් වශයෙන් සීඝ්‍රසංවර්ධනයක් වෙත ක්‍රමිකව පරිවර්තනය වෙමින් පවතින රටක පුරවැසියන් ලෙස ශ්‍රී ලාංකේය ජනතාව, උදාවන 2016 නව වසර වෙනුවෙන් සූදානම් වනුයේ නැවුම් බලාපොරොත්තු රැසක් සමගිනි. එහිදී දේශයේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කිරීමේ මූලික කාර්යභාරයට අමතරව කාලීන වශයෙන් අප වෙත පැවරෙන සියලුම කාර්යයන් නොපිරිහෙලා ඉටු කරමින් රටේ ජන ජීවිත සුරක්ෂිත කරලීමේ ඒකායන වගකීම, එළඹෙන නව කාල පරිච්ජේදය තුලදී ද යුද හමුදා සාමජිකයින් වශයෙන් අප විසින් ඉටු කළ යුතුව ඇත. එසේ තම වගකීම් හා යුතුකම් මැනවින් ඉටු කරන අතරතුර සිය වෘත්තීමය හැකියාවන් තව දුරටත් වර්ධනය කර ගනිමින් විනයගරුක හා වෘත්තීයමය යුද්ධ හමුදාවක සාමාජිකයන් ලෙස එළඹෙන නව වසරේදී කටයුතු කිරීමට මේ අවස්ථාවේදී ඔබ සියලුදෙනා අදිටන් කර ගත යුතුය. අද වන විට අපගේ මූලික අවධානය යොමු වී ඇත්තේ දැනුම හා කුසලතාවන්ගෙන් පිරිපුන් වෘත්තීයමය හමුදාවක් බිහිකරලීමේ කාර්ය සඳහා වන අතර, ඒ වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් කාලීන වශයෙන් සිදුවෙමින් පවතී. එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා දැනට පවතින සමස්ත යුධ හමුදා පුහුණු පාසල් පද්ධතිය වෙත ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සපයමින් නිළධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීම අප විසින් සිදුකරගෙන යමින් සිටන්නෙමු. එසේම දැනට පවතින පුහුණු වැඩසටහන් ප්‍රතිසංවිධානය කර, නවීන තාක්ෂණයද සමග උසස් හා ගුණාත්මක තත්වයෙන් යුතු පුහුණුවීම් සිදුකරගෙන යාම සදහා සියලු කටයුතු ඉටු කර ඇති අතර, මේ සදහා නව දේශීය හා විදේශීය පාඨමාලා හැදෑරීමට යුද හමුදා සාමාජිකයන් සදහා අවස්ථාව ලබාදීමටද කටයුතු යොදා ඇත. එමෙන්ම විදේශීය හමුදා සාමාජිකයන්ටද විධිමත් පුහුණුවක් ලබාදීමට හැකි වන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව පඅහුණු පාසැල් පද්ධතිය නවීකරණය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කොට ඇති අතර, එමගින් ලබාන්නා වූ පන්නරය තුළින් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සදහා වැඩි දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකා යුද හමුදාව අද වන විට ජාත්‍යන්තරය තුළ පවතින පිළිගැනීම තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකිවනු ඇත. ඉහත අරමුණු ඉටු කරගැනීම සදහා එළඹෙන 2016 වන වසර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුහුණු සහ තොරතුරු තාක්ෂණ වසර ලෙස නම් කොට ඇති අතර, ඒහිදී යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පුහුණුව සහ තාක්ෂණික දැනුම උසස් මට්ටමකට පත් කර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලොව අනෙකුත් දියුණු හමුදාවන්ගේ මට්ටම කරා ලගා වීමට ඉල්ලක්ක කොට ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු පාසල්, දිවයිනේ පිහිටි සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය සහ අනෙකුත් පුහුනු ආයතන, සමග අනුබද්ධ කොට පුහුණු පාඨමාලාවන්ගේ ගුණාත්මකභාවය තවදුරටත් වර්ධනය කිරීමේ කටයතු 2016 වසර තුළදී සිදු කිරීමට සැලසුම් සකස් කොට ඇත අතර, එමගින් විවිධ ක්ෂේත්‍රපිළිබදව ලබන්නා වූ පුළුල් දැනුම හා කුසලතාවන් හේතුකොට ගෙන යුද හමුදාව වෙත ඉදිරියේදී පැමිණිය හැකි විවිධ අභියෝගවලට සාර්ථකව මුහුණදීමේ හැකියාව අප වෙත ලැබෙනු ඇත. සමස්ත රණවිරුවාගේම සුභසාධන පහසුකම් විධිමත්ව ඉහළ නැංවීම තුළින් ඔවුන්ගේ ජීවන තත්වය සහ චිත්ත ධෛර්ය උසස් මට්ටමක පවත්වාගෙන යාමට හැකි බව මම තරයේ විශ්වාස කරමි. එය යථාර්ථයක් බවට පත් කරමින් රණවිරු සුහසාධනය සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය වෙනුවෙන් ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති අතර,එම වැඩසටහන්වල ප්‍රතිලාභ මේ වනවිටත් ඔබ සැම භුක්ති විදින බව මාගේ විශ්වාසයයි. විශේෂයෙන්ම සුවසහන ණය යෝජනා ක්‍රමය වැනි වැඩසටහන් සාර්ථකව පවත්වාගෙන යෑමේ හැකියාව අපට ලැබී ඇති අතර, ආපදා ණය සහ දේපළ ණය ලබා දීමේ වැඩසටහනද එසේ සාර්ථකව ක්‍රියාත්මකවන ව්‍යාපෘතියක් ලෙස හැදින්විය හැක. නිවාස නොමැති රණවිරුවන් සහ ඔවුන්ගේ යැපෙන්නන් හට තමන්ගේම සැලැස්මකට අනුව නිවාස ඉදිකරදීම සදහා ක්‍රියාත්මක සුභසාධක නිවාස ව්‍යාපෘතියේ පළමුවන අදියර සාර්ථකව අවසන් වූ අතර, දෙවන අදියර මේ වනවිට ක්‍රියාත්මකව ඇත. මෙරට සංවර්ධන ක්‍රියාදාමයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වශයෙන් අද වන විට අප විසින් වගකිවයුතු කාර්යභාරයක් ඉටුකරමින් සිටින අතර, අපගේ එම සේවාව රටේ ඕනෑම තැනකදී ප්‍රශංසාවට ලක්වීම පිළිබදව අපට නිහතමානීව සතුටු විය හැකිය. ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මෙන්ම සේනාධිනායකතුමන් ප්‍රමුඛ, සියලුම ජන හදවත් තුළ අප යුද්ධ හමුදාව පිළිබඳව පවතින විශ්වසනීය පිළිගැනීම සහ ගෞරවය තවදුරටත් පවත්වාගෙන යමින්, යුද්ධ හමුදාවේ කීර්ති නාමය යළි යළිත් තහවුරු කිරීම සඳහා ඇප කැපවී ක්‍රියා කිරීමට, එළඹෙන නව වසරේදීද අධිෂ්ඨාන කරගත යුතු වන අතර, එය නව වසරේ සැබෑ පරමාර්ථය බවටද පත් කර ගත යුතුය. රටේ තිරසාර සාමය හා සුරක්ෂිතභාවය වෙනුවෙන් දශක තුනක් පුරාවට සටන් වැද ජීවිත දානයෙන් තම යුතුකම් ඉටුකළ සියලුම රණවිරුවන්ටත්, සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයන්ටත් නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර ඔවුන්ගේ දුවා දරුවන්ට හා ඥාති හිතමිත්‍රාදීන්ටද ලබන්නා වූ නව වසර සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි. එසේම යුද්ධයේදී තුවාල ලබා විවිධ ආබාධිත තත්වයන්ට පත් වී, මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රණවිරුවන් ප්‍රමුඛ සියලුදෙනාටත් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන අතර, දැනට සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම රණවිරුවන්ට හා සිවිල් සේවක කාර්ය මණ්ඩලය වෙතත් ඔවුන්ගේ දුවා දරුවන් ඇතුළු ඥාති හිතමිත්‍රාදීන්ටත් ලබන්නා වූ 2016 වසර සුබ නව වසරක් වේවායි පතමි. දේශයට වැඩදායී විනයගරුක සෙබළ පිරිසක් ලෙස ඔබ ලබා ඇති කීර්තිය 2016 වන වසරේදී තව දුරටත් වර්ධනය කරගනිමින්, පැවරෙන රාජකාරී නොපැකිළව ඉටු කිරීම සඳහා ඇවසි සියලු ශක්තිය, ධෛර්යය හා වාසනාව නිරතුරුවම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට සාමය සතුට හා සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා!
bridge media
|
Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger