Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2015 16:22:28 Hours

කිළිනොච්චිය නත්තල් සමරයි

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක සෙබලුන් විසින් නත්තලට සමගාමීව විවිධ විශේෂාංග සමගින් දෙසැම්බර් (29) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේ දී නත්තල් කැරොල් උත්සවයක් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිළිනොච්චි ආරක්ෂක සේනා මූළස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහභාගි වූ අතර, කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් ඒ ආරුමුනයාගම් මහතා, 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස් වීරවර්ධන, 57 වන සේනාංකයේ වැඩ බලන සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.ඩී විජේසුන්දර සමගින් සිවිල් වැසියන් බොහෝ පිරිසක් මීට එක්ව සිටියහ. එමෙන්ම මේ සඳහා පූජ්‍ය ඩැනියෙල් මූර්ති පියතුමා, පූජ්‍ය විගනේෂවරන් පියතුමා, පූජ්‍ය සොලමන් ඩික්ෂන් පියතුමා, රාජ්‍ය නිළධාරීන් සහ කිළිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් බොහෝ පිරිසක් ද සහභාගි වූහ. නත්තලෙහි අසිරිය ලොවට කියා පාමින් කිළිනොච්චි ප්‍රදේශයේ ශාන්ත තෙරේසා දේවස්ථානය, ශාන්ත බැප්ටිස් දේවස්ථානය සහ කරුනානිලයම් දේවස්ථානයෙහි කැරොල් කණ්ඩායම් කැරොල් ගීත ඉදිරිපත් කරනු ලැබීය. මෙම උත්සවය අවසානයේ එම ප්‍රදේශයේ කුඩා ළමුන් සිය දෙනෙකු සඳහා තෑගි බෙදාදුන් අතර, සන්ධ්‍යාවේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වනු ලැබීය. bridge media | Air Jordan