Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2015 16:00:51 Hours

68 සහ 54 වන සේනාංක නත්තල සමරයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකය දෙසැම්බර් මස 25 වන දිනට යෙදුණු නත්තල් දිනය නිමිත්තෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ අධීක්ෂණයෙන් නත්තල් උත්සවයක් සංවිධානය කරන ලදී. එම නත්තල් උත්සවය කැරොල් ගී නත්තල් ගස් ඇතුළු අනෙකුත් නත්තල් සැරසිලි වලින් අලංකාර කර තිබුණි. මෙම උත්සවය ඉතා සාර්ථකව පැවැත්වීම සඳහා 68 වන සේනාංකයේ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් සේවක මහතුන් පූර්ණ සහයෝගය ලබා දෙන ලදී. එමෙන්ම, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 54 වන සේනාංකය විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්නගේ අධීක්ෂණයෙන් මන්නාරම ශාන්ත ආනා දේවස්ථානයේ නත්තල් කැරොල් වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහභාගි වූහ. මෙහි දි ශාන්ත ආනා බැති ගී කණ්ඩායම, ජෝශප් වාස් බැති ගී කණ්ඩායම සහ යුද හමුදා බැති ගී කණ්ඩායම නත්තල් කැරෝල් ගී ඉදිරිපත් කරනු ලැබීය.Nike air jordan Sneakers | nike