Header

Sri Lanka Army

Defender of the Nation

30th December 2015 21:45:39 Hours

55 වන සේනාංකය සිය 19 වන සංවත්සරය සමරයි

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකය එම සේනාංකාධිපති බ්‍රිගේඩියර් එන්.ඒ. ධර්මරත්නගේ උපදෙස් මත සිය 19 වන සංවත්සරය වෙනුවෙන් දෙසැම්බර් මස 16 සිට 23 දක්වා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි. එහි පළමු අදියර ලෙස දෙසැම්බර් 16 වන දින දේශය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් බෝධි පූජා පිංකමක්, මුල්ලියාන් කෝවිලෙහි හින්දු පූජාවක් සහ කතෝලික දේව මෙහෙයක් ද පවත්වනු ලැබීය. සංවත්සරයේ දෙවන අධියර ලෙස දෙසැම්බර් 20 දින 55 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී සෙබලුන් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එන්.ඒ ධර්මරත්න හට ආචාර සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. එමෙන්ම දෙසැම්බර් මස 21 වන දින එම සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් එම මූලස්ථාන බලලත් නිළධාරී සහ සැරයන් නිවස්නයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබීය. සංවත්සර වැඩසටහනේ හතරවන අදියර යටතේ එම සේනාංක මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සංගීත කණ්ඩායම විසින් වර්ණවත් සැදෑ සංගීත ප්‍රසංගයක් පැවැත් වූ අතර, ඒ සඳහා රණවිරු රියල් ස්ටාර්හි ගායක ගායිකාවන් ද ගීත ගායන කරනු ලැබීය.Adidas footwear | Men Nike Footwear