Header

Sri Lanka Army

Defender of the Nation

30th December 2015 21:43:21 Hours

66 වන සේනාංකයෙහි නව නිවාඩු නිකේතනයක් විවෘත කරයි

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකය විසින් නිළධාරීන් සහ සෙසු නිළයින් සඳහා පුනරීන් හි නවතමයෙන් ඉදි කරනු ලැබූ “ ඕෂන් විලා” (Ocean Villa) නිවාඩු නිකේතනය බ්‍රහස්පතින්දා (24) දින විවෘත කරනු ලැබීය. එම නිවාඩු නිකේතනය 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍රමරත්න විසින් විවෘත කළ අතර, ඒ සඳහා සියලු නිළයින් සහභාගි වූහ. 66 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණයෙන් සහ 661 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජී.එම්.සී.කේ.බී ඒකනායකගේ මඟපෙන්වීම මත 15 වන (ස්වේච්ඡා) බිජයබාහු පාබල රෙජිමේන්තු සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවාඩු නිකේතනය ඉදි කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා අණදෙන නිළධාරීන්,ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ. Nike shoes | Zapatillas de running Nike - Mujer