Header

Sri Lanka Army

Defender of the Nation

30th December 2015 21:27:15 Hours

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය මෙහෙය වූ විධායක අධිකාරී නිළධාරී පළමු පාඨමාළාව නිමා වේ

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 56 වන සේනාංකයෙහි පවත්වනු ලැබූ විධායක අධිකාරී නිළධාරී පළමු පාඨමාළාව පසුගියදා නිමාවට පත් විය. විධායක අධිකාරී නිළධාරීන්ගේ කාර්ය භාර්යන් පිළිබඳව ප්‍රායෝගික දැනුම වැඩි දියුණු කිරීමේ අදිටනින් පවත්වනු ලැබූ මෙම පාඨමාළාව සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු නිළධාරීන් 20 දෙනෙකු සහභාගි වූහ. පාඨමාලාව සඳහා සහභාගි වූ නිළධාරීන් හට සහතික පත් ප්‍රධානය කිරීමේ අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා මූස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එම්.එච්.එස්.බී පෙරේරා සහභාගි විය. මෙම අවස්ථාව සඳහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අයි.පී රණසිංහ, 61 සහ 62 සේනාංකයන් හි සේනාංකාධිපතිවරුන්, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන නිළධාරීන් සහ 56 වන සේනාංකයේ නිළධාරීන් සහභාගි වූහ. නිළධාරීන් 20 දෙනෙකු සහභාගි වූ මෙම පාඨමාළාවෙහි දක්ෂතම නිළධාරී ලෙස 1 වන සන්නද්ධ බුද්ධි බලකායේ ලුතිතන් කේ.එම්.ජී.එස්.ඩබ්ලිව් කාරියවසම් තේරී පත් විය. bridgemedia | jordan Release Dates