Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2015 20:24:52 Hours

58 වන සේනාංකය නත්තල සමගින් පුහුණුවීම් දිනය පවත්වයි

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 58 වන සේනාංකය විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාවින්ද ගුණවර්ධනගේ අධීක්ෂණය යටතේ නත්තල සමරමින් අඟහරුවාදා (21) දින අධ්‍යාපනික වැඩසටහන්, රාත්‍රී භෝජන සංග්‍රහයන් ද ඇතුලත්ව පුහුණුවීම් දිනය පවත්වනු ලැබීය. මෙහි දී විජය දිසානායක මහතා විසින් අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය සහ සිවිල් නීතිය පිළිබඳව දේශනයක් පැවැත්වූ අතර, සහකාර පොලිස් අධිකාරී සමන් සිගේරා විසින් සිවිල් නීතිය සහ සාමය පිළිබඳව අදහස් දක්වනු ලැබීය. අනතුරුව ලුතිතන් කර්නල් ප්‍රදීප් ජයසූරිය විසින් කළමණාකරණය පිළිබඳව දේශණය පවත්වනු ලැබීය. මේ සඳහා 58 වන සේනාංක මූලස්ථානය යටතේ රාජකාරී නියුතු නිළධාරීන් 58 දෙනෙකු සහභාගි වූහ. මේ අතරතුර පුහුණු දින සන්ධ්‍යාවේ නත්තලට සමඟාමීව බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 7.00 ට හික්කා හොටෙල්හිදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබීය. ඒ සඳහා එම නිළධාරීන්ගේ භාර්යාවන් සහ දුවා දරුවන් ද සහභාගි වූහ.buy shoes | Sneakers Nike