Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
25th December 2015 01:59:37 Hours
සුභ නත්තලක් වේවා!
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සුභ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කල නත්තල් දින පණිවිඩය පහත සදහන් වේ. ලොව පුරා විසිරී සිටින කිතුනු ජනතාව විසින් අද දින අති උත්කර්ෂවත්ව පවත්වනු ලබන ‘සාමයේ මංගල්‍යය’ හෙවත් නත්තල් උත්සවය සමරන ශ්‍රී ලංකා වාසී සියලුම කිතුනු බැතිමතුන් වෙත මාගේ බැතිබර සුබ පැතුම පිරිනමමි. අසාධාරණත්වයට එරෙහිව සමානාත්මතාවේ සහ සාමයේ පණිවුඩය ලොවට දායාද කළ, සාමයේ කුමරු හෙවත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ අසිරිමත් උපත සිහිපත් කරමින්, සමරනු ලබන උතුම් නත්තල් මංගල්‍යය යනු, සැමට එක ලෙස ජීවත්විය හැකි සමාජයක් තුළ අන්‍යෝන්‍ය සුහදත්වය පෙරදැරිව, මිත්‍රත්වයේ හා සහෝදරත්වයේ සමගිය පතුරුවාලීම සඳහා පවත්වනු ලබන සුවිශේෂී උත්සව අවස්ථාවකි. ‘ඔබ ඔබට ප්‍රේම කරන්නාක් මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න’ යනු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විසින් දේශනා කළ ප්‍රධාන දහමකි. ඒ අනුව ජාතිය, ජන වර්ගය, ආගම, කුලය, ධනවත්කම හෝ සමාජ තරාතිරම යන මේ කුමකින් වුවද මිනිසුන් බෙදා දමන බාධක ඛණ්ඩනය කොට, සමස්ත මනුෂ්‍ය වර්ගයාම එකම මානව කොට්ඨාසයක් ලෙස සැලකු උන්වහන්සේගේ ඉගැන්වීම් තුළින් මැනවින් පසක් වන්නේ සදාකාලික සාමය, සහජීවනය සහ සමානාත්මතාව සමස්ත ලෝකයටම උරුම විය යුතු බවය. එබැවින් මේ උදාවන නත්තල, ලෝ වැසි සියලුදෙනා සමඟම සාමයේ හා සහෝදරත්වයේ පණිවුඩය හුවමාරු කරගන්නා, අරුත්බර නත්තලක් වේවායි මම ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට සාමය, සතුට සපිරි අසිරිමත් නත්තලක් වේවා !
Running sport media
|
GOLF NIKE SHOES