Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
20th December 2015 16:36:44 Hours
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ කෙඩෙට් නිලධාරීන් 161 දෙනෙකු අගමැතිතුමන් විසින් අධිකාරියට පත් කෙරෙයි
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් ඉරිදා (20) දින දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ පැවති කෙඩෙට් නිලධාරීන් 161 දෙනෙකුගේ විසිරයෑමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ අතර, එතුමන්ව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ ප්‍රධාන දොරටුව අභියසදී යුද හමුදාපති හා ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ඩබ්.ඩබ්.ඒ.ඩි.බි. රාජගුරු විසින් පිළිගන්නා ලදී. ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 81, 81 B, ස්වේච්ජා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 55, කාන්තා නිත්‍ය කෙඩෙට් නිලධාරීනී පාඨමාලා අංක 13 C සහ ස්වේච්ඡා කෙඩෙට් නිලධාරීනී පාඨමාලා අංක 13 යටතේ පුහුණුවිම් ලැබූ මෙම කෙඩෙට් නිලධාරීන් 161 දෙනා, ඔවුන්ගේ දෙමාපියන්ගේ, ඥාතීන්ගේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ ආරාධිතයින්ගේ සුබ පැතුම් මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අධිකාරියට පත්කරන ලදි. මෙහිදි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා සරඹ පිටිය වෙත කැඳවාගෙන යනු ලැබිය. අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුලු පිරිස ප්‍රථමයෙන් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තබා මියගිය රණවිරුවන් සිහිකරමීන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදි. මෙම විසිරයෑමේ උත්සවයේ දී අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපාධිධාරී කෙඩෙට් නිලධාරීන් වෙත අධිකාරිය සංකේතවත් කරමින් කඩුව ද පිළිගැන් වූ අතර, ඉන් අනතුරුව අධිකාරියට පත් කෙඩෙට් නිලධාරීන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත වර්ණවත් ආචාර පෙළපාලියක් ද පිරිනමන ලදි. පාඨමාලාවේ දක්ෂතම නිලධාරීන් වෙත කුසලාන හා ජය සංකේත පිරිනැමිම ද මෙහිදි සිදු විය. මෙම උත්සවයේ දී නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 81 යටතේ පාඨමාලාව හැදැරු කෙඩෙට් නිලධාරීන් 32 දෙනෙක්, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 81 B යටතේ පාඨමාලාව හැදැරු කෙඩෙට් නිලධාරීන් 103 දෙනෙක්, ස්වේච්ජා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 55 යටතේ පාඨමාලාව හැදැරු කෙඩෙට් නිලධාරීන් 23 දෙනෙක් හා නිත්‍ය කාන්තා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 13 C සහ ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 13 යටතේ පාඨමාලාව හැදැරු කෙඩෙට් නිලධාරීනියන් 3 දෙනෙක් අධිකාරියට පත් කරන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති තරු පැළඳවීමේ උත්සවයේ දී ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ඩබ්.ඩබ්.ඒ.ඩි.බි. රාජගුරුගේ සහභාගීත්වයෙන් දෙමාපියන් විසින් නව උපාධිධාරීන්ගේ උරහිසෙහි ජනාධිපති අධිකාරිය සංකේතවත් කරමින් තරු පළඳවන ලදි. මීට පෙර (19) දින උපාධි අපේක්ෂිත කෙඩෙට් නිලධාරීන්ගේ අවසන් සමුහ ඉදිරිපත් කිරීම කර්නල් ෆස්ලි ලෆ්හිර් අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී පැවත් වූ අතර, මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපතිතුමා සහභාගි විය. ‘අසමමිතික යුද ගැටුම් හමුවේ නූතන සන්නද්ධ හමුදාවන් හී කාර්යභාරය’ පිළිබඳ අධ්‍යයනය මෙම සමුහ ඉදිරිපත් කිරීම්හි තේමාව වී තිබුණි. එම අවස්ථාවේ දී ‘The Battle of Danthure’ ග්‍රන්ථය සහ “Pudumathalan Rescue Operation: Use of Mass Human Shields as a Terrorist Tactic and Armed Forces’ Response” හි සිංහල අනුවාදය ද එළි දක්වන ලද අතර, මෙම ග්‍රන්ථය දෙකෙහිම පළමු පිටපත් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ සේනාවිධායක විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත පිළිගන්වන ලදි. එමෙන්ම, කෙඩෙට් නිලධාරීන්ගේ අධිකාරියට පත් කිරීම නිමිත්තෙන් පවත්වනු ලබන රාත්‍රි භෝජන සංග්‍රහය කෙඩෙට් නිලධාරී නිවස්නයේ දී නීතිය හා සාමය පිළිබද සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා සහ යුද හමුදාපතිතුමන්ගේ සහභාගීත්වයෙන් අද දින සන්ධ්‍යාවේ පැවැත්වීමට නියමිතය.
latest jordans
|
Womens Shoes Footwear & Shoes Online