Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2015 15:40:20 Hours

ජාත්‍යන්තර මානව නීතිය සහ මානව හිමිකම් පිළිබඳව යුද හමුදා සහ යුද හමුදාවේ සේවයේ නියුතු සිවිල් සාමාජිකයින් දැනුවත් කරයි

ආරක්ෂක සේනා මූලස්ථාන කිහිපයක් යටතේ රාජකාරියෙහි නියුතු යුද හමුදා සහ සිවිල් සාමාජිකයින් සඳහා දෙසැම්බර් මස 10 වන දිනය යෙදෙන මානව හිමිකම් දිනය නිමිත්තෙන් ජාත්‍යන්තර මානව නීතිය සහ මානව හිමිකම් පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. ඒ අනුව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රි ගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන් .එම් හෙට්ටිආරච්චිගේ අධීක්ෂණයෙන් ජාත්‍යන්තර මානව නීතිය සහ මානව හිමිකම් පිලිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් එම මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය. 6 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස්හේවා බලකායේ ලුතිතන් ජී.සී.පී ධර්මවර්ධන විසින් ‘ජාත්‍යන්තර මානුෂ නීතිය සහ ආරක්ෂ අංශවලට එය අදාල වන ආකාරය’ මැයෙන් විශේෂ දේශනයක් පැවැත්වීය. ඒ සඳහා නිලධාරින් සහ සෙසු නිලයින් 150 දෙනෙක් පමණ සහභාගි වූහ. මධ්‍යම ආරක්ෂක සෙනා මූලස්ථායේ දී ද මේජර් ජෙනරාල් ඒ.කේ.එස් පෙරේරාගේ මඟ පෙන්වීම මත මෙම වැඩසටහන දියත් කෙරිනි. එහි දී ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මේජර් යූ.කේ ජයසූරිය ‘ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම්’ සම්බන්ධයෙන් දේශනයක් කළේය. කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවති මෙම වැඩසටහනට සිවිල් වැසියෝ 100 දෙනෙක් පමණළු ද එක්ව සිටියහ. යාපනය මානව හිමිකම් කොමිසමේ සේව කරන කේ. කණකරාජා මහතා ‘සෑම විටම අපේ අයිතිවාසිකම්, අපේ නිදහස’ පිළිබඳ ඔවුන්ගේ මානව හිමිකම් අහිමි කළ නොහැකි බවට පැමිණ සිටියවුන් දැනුවත් කළේය. 571 වන බලසේනාධිපති කර්නල් කේ.ටී.ඒ.ඩී.එස් කොළඹතන්ත්‍රි ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ. jordan release date | Nike nike dunk high supreme polka dot background , Gov