Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2015 15:37:57 Hours

යුද හමුදාවේ සංවිධානයෙන් පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 68 වන සේනාංක සෙබලුන් විසින් එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් 300 දෙනෙකු සඳහා නිත්‍යකල්‍යාණි ජුවලරි ආයතනයේ දායකත්වයෙන් බ්‍රහස්පතින්දා (15) දින පාසල් උපකරණ බෙදා දෙනු ලැබීය. 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් අජිත් කාරියකරවනගේ අධීක්ෂණයෙන් 682 බලසේනාව විසින් පුදුකුඩුඉරුප්පු මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. එම අවස්ථාව සඳහා ආචාර්ය මණ්ඩලය, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමගින් දෙමාපියන් බොහෝ පිරිසක් සහභාගි වූහ. Nike sneakers | Nike Shoes