Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2015 15:35:10 Hours

68 වන සේනාංකයට වසර 6 ක් සපිරෙයි

සිය සේනාංකයේ 6 වන සංවත්සරය සැමරීමට 68 වන සේනාංකය කටයුතු කරනු ලැබීය. එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ සෘජු අධීක්ෂණය යටතේ සංවත්සර වැඩසටහන සංවිධානය කෙරිනි. ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් පැවති සංවත්සර උළලේ දී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දී බෝධි පූජා පිංකමක් පැවැත්වීය. එමෙන්ම එම සේනාංක මූලස්ථානයේ දී කාව්‍යමය ධර්ම දේශනාවක් ද පැවැත් වූ අතර, හින්දු ආගමික වතාවත් පැවතියේ පුදුකුඩිඉරිප්පු සහ වට්ටපලෙයි හින්දු කෝවිල මුල් කොට ගෙනය. කතෝලික දේව මෙහෙය පැවැත්වූයේ පුදුකුඩිඉරිප්පු, ඉරණපලෙයි දේවස්ථානයේ දීය. මුලතිව් ජුම්මා මුස්ලිම් පල්ලියේ දී ඉස්ලාමිය දේව මෙහෙය පැවැත්විනි. මෙම සියලු ආගමික වතාවත් ඉටු කිරීමේ අවස්ථා සඳහා 68 වන සේනාංකාධිපති, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ. අනතුරුව, මෙම සේනාංකය යටතේ ඇති සියලු බලසේනා සහ බලඇණිවල නිලධාරින්ගේ සහ සෙසු නිලයින්ගේ කුසලතා එළි දැක්වීම සඳහා ක්‍රීඩා තරඟ ද පැවැත්විනි. මැරතන් තරඟාවලියේ ජයග්‍රහණය 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවත්, අත්පන්දු ශූරතාව 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවත් මෙන්ම ක්‍රිකට් ශූරතාව 23 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවත් දිනා ගනු ලැබීය. 68 වන සේනාංකයේ සියලු නිලයින් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද මීට සමගාමීව පැවැත්විනි.Asics shoes | NIKE