Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2015 14:06:18 Hours

යුද හමුදා සූපවේදීන් සඳහා වැඩමුළුවක්

යුද හමුදාව වෙත ඉතා ගුණාත්මකව ආහාර පිසීම සඳහා යුද හමුදා සූපවේදීන් සහ අරක්කැමියන්ගේ සූපවේදී දැනුම වර්ධනය කිරීමේ අදිටනින් සංවිධානය කරනු ලැබූ සූපවේදී ප්‍රායෝගික වැඩමුළුවක් සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්ෂක මණ්ඩලයේ සංවිධානයෙන් දෙසැම්බර් මස 5 දින සිට 12 වන දින දක්වා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාගේ අධීක්ෂණයෙන් බොරුල්ල ඇක්වයිනාස් විශ්ව විද්‍යාලය එක්ව සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. සතියක් පුරා පවත්වනු ලැබූ මෙම සූපවේදී ප්‍රායෝගික වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින සේනාංක, බලසේනා, ඒකක සහ පුහුණු මධ්‍යස්ථානයන්හි යුද හමුදා සහ සිවිල් සූපවේදීන් සහ අරක්කැමියන් 353 දෙනෙකු සහභාගි වූ අතර, ඇක්වයිනාස් විශ්ව වද්‍යාලයේ බාහිර කථිකාචාර්ය විධායක සූපවේදී කපිල ජයනෙත්ති මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අදියර හතරක් යටතේ පවත්වනු ලැබීය. සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් අජිත් වික්‍රමසිංහගේ සංවිධානයෙන් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙන් ඇරඹුණු මෙම වැඩසටහන සියලුම යුද හමුදා සූපවේදීන් සහ අරක්කැමියන්ගේ සූපවේදී දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පැවැත්වීමට නියමිතය. මෙම පුහුණු වැඩසටහන තුල දී ප්‍රායෝගික දේශන හා ක්‍රියාකාරම් හරහා ගුණාත්මක සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරු සහ ආහාර වර්ග ඉපැයීම මෙන්ම ආර්ධික සැලසුම් පිළිබඳව විශේෂයෙන් කරුණු අවධාරනය කරනු ලැබීය. latest jordans | Air Jordan