Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
17th December 2015 14:00:47 Hours
විවිධ වැඩසටහන් සමඟින් සන්නාහ සන්නද්ධ බලකාය 60 වන සංවත්සරය සමරයි
යුද හමුදාවේ තවත් එක් ජ්‍යෙෂ්ඨතම රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සිය 60 වන සංවත්සරය (දියමන්ති ජුබිලිය) සහ රෙජිමේන්තු දිනය හමුදා සම්ප්‍රදායානුකූලව සුභසාධක වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙමින් අඟහරුවාදා (15) දින කොළඹ 15 මෝදර රොක් හවුස් හි පිහිටි සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී සමරනු ලැබීය. මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් හට හමුදා සම්ප්‍රදායානකූලව ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමූ අතර, සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ටී ගමගේ විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගෙන ගෞරවාචාර මධ්‍යයේ සරඹ භූමිය වෙත කැඳවාගෙන යනු ලැබීය. සංවත්සරයේ දෙවන අදියරේ දී සන්නාහ සන්නද්ධ බලකා සෙබලුන්ගේ සේවය අගයමින් සියලු ඒකක වෙත සංකේතාත්මකව සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබීය. එමෙන්ම 2005 - 2015 දක්වා කාලය තුල සන්නාහ සන්නද්ධ බලකායේ වැදගත් සංධිස්ථාන සනිටුහන් කරමින් සකසන ලද සන්නාහ සන්නද්ධ බලකා ඉතිහාස පොතෙහි මංගල පිටපත ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත පිළිගැන් වූ අතර, සන්නාහ සන්නද්ධ බලකා විරු පවුල්වල දරුවන් සඳහා මෙදින ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ද තවත් විශේෂ කරුණක් වේ. එමෙන්ම එදින සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනිනිලංජනී පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සන්නද්ධ බලකා විරු දරුවන් සඳහා පාසල් පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ද පවත්වනු ලැබීය. එමෙන්ම 60 වන සංවත්සරයට සමඟාමීව සන්නද්ධ බලකා සියලු නිළයින් සඳහා විනෝදාත්මක වැඩසටහනක් ද පවත්වනු ලැබූ අතර, එහි සංගීත පුටු තරඟය, කඩුලු පැනීමේ තරඟ, බැලුම් පිපිරවීම, හැන්ද මත දෙහි ගෙඩිය රැගෙන යාම සහ මිටර් 100 දිවීම ආදී තවත් විනෝදාත්මක තරඟ රැසක් පවත්වනු ලැබීය. සංවත්සරයට සමඟාමීව දෙසැම්බර් මස 4 වන දින සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලසථානයේ දී සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක් ද පවත්වනු ලැබූ අතර, පසුදා භික්ෂුන් වහන්සේලා උදෙසා දානමය පුණ්‍යකර්මයක් ද පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගි වූහ. අනතුරුව ඉදිරි දිනවල දී සංවත්සරයට ආශිර්වාද පතා ක්‍රිස්තියානි, හින්දු සහ ඉස්ලාම් ආගමික වතාවත් ශාන්ත ඇන්ඩෘ දේවස්ථානය, මෝදර ශ්‍රී වෙන්කටේශ්වර කෝවිල සහ මෝදර ජුම්මා පල්ලියෙහි පැවැත්වීමට නියමිතය. එමෙන්ම සන්නාහ සන්නදධ බලකා සංවත්සරය නිමිත්තෙන් සෙනසුරාදා (12) දින දේශය වෙනුවෙන් දිවි පිදූ සන්නාහ සන්නද්ධ බලකා සෙබලුන් සිහිකරමින් ඉදි කළ රණවිරු ස්මාරකයක් ද එම රෙජිමේන්තු මූලස්ථානයේ විවෘත කරනු ලැබීය. එම රණවිරු ස්මාරකය විවෘත කිරීම සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්ගේ ආරාධනයෙන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති රොහාන් දලුවත්ත විසින් සිදු කරනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් ඩයස් සමගින් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් බොහෝ පිරිසක් සහභාගි වූහ. එමෙන්ම සංවත්සරයට සමඟාමීව සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු නිළධාරී නිවස්නයේ දී හමුදා සම්ප්‍රදායානුකූලව භෝජන සංග්‍රහයක් ද පවත්වනු ලැබීය. සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු සෙබලුන්ගේ සුභසාධනය උදෙසා රත්මලාන සිරස ස්ටයින් මැදිරියේ දී ‘අභිනන්දන’ නමින් ප්‍රසංගයක් ද පවත්වන ලදී.
Best jordan Sneakers
|
NIKE RUNNING SALE