Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2015 12:17:00 Hours

කිළිනොච්චි ආඥාපති බලඇණි සංචාරයක

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර තම මූලස්ථානයට අයත් බලඇණි කිහිපයක නිරීක්ෂණ සංචාරයක නිරත වූයේ පසුගිය දෙසැම්බර් 9 සිට 11 වන දින දක්වාය. ඒ අනුව මේජර් ජෙනරාල් කරුණාසේකර 9 වන ශ්‍රී ලංකා සංඥා බලකාය,24 වන ගැමුණු හේවා බලඇණිය, ආහාර සහ ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානය, යුද හමුදා සුබසාධක ‍වෙළදසැල, භාරතිපුරම් උසස් පාබල පුහුණු පාසල සහ කිළිනොච්චිය යුද හමුදා මූලික රෝහල යන ස්ථානයන්හි සංචාරය කළ අතර, එම ස්ථානයන්හි දී අදාල සේනාවිධායකවරුන් සහ අණ දෙන නිළධාරීන් නව ආඥාපතිතුමා උණුසුම් අයුරින් පිළිගත්හ. එමෙන්ම හෙතෙම 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 9 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, 4 වන සන්නද්ධ බුද්ධි බලකාය සහ කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණු පරිශ්‍රය ද නිරීක්ෂනය කළේය. මෙම සංචාරයේ දී සේනාවිධායකවරුන් සහ අණදෙන නිළධාරීන් විසින් තම කාර්යභාරයන් පිළිබඳව ආඥාපතිතුමා දැනුවත් කරනු ලැබීය.Sportswear free shipping | Air Jordan