Header

Sri Lanka Army

Defender of the Nation

15th December 2015 00:25:34 Hours

යාපනයේ රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ පවුල් යාපනයේ සංචාරයක

ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවය කරනු ලබන හමුදා නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් පසුගිය දෙසැම්බර් මස 5 - 7 දින දක්වා යාපනය අර්ධද්විපයේ සංචාරයක නියැලුනි. යුද හමුදාපතිතුමාගේ “සෙබලෙකුට සවියක්” සංකල්පය යටතේ මෙම වැඩසටහන දියත් කෙරෙන අතර, මෙම සංචාරය සංවිධානය කිරීම සදහා යාපනය ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්තගේ පූර්ණ අධීක්ෂණය ලැබුනි. යුද හමුදා නිලධාරි පවුල් 38 ක් සහ එක් නාවික හමුදා නිලධාරි පවුලක් සමගින් සමස්ත පවුල් 39 ක් මේ සදහා සහභාගි වුහ. ඔවුහු නාගදීපය, නල්ලූර් කෝවිල, ලන්දේසි කොටුව සහ කදුරුවෙල පුරාවිද්‍යා වැඩබිම නැරඹීමට ද එක්වූහ. Sport media | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals