Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
15th December 2015 00:20:33 Hours
මියගිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විරුවන් සිහිකිරීමේ වාර්ෂික සමරු උළෙල මෙවරත් උත්කර්ෂවත් අන්දමින්
ත්‍රස්තවාදි සටන්වල දී යුදමය වශයෙන් අත්දැකීම් බහුල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රණවිරු සැමරුම් උළෙල සෙනසුරාදා (12) දින අබේපුස්ස එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවති අතර, එහිදි ත්‍රස්තවාදි සටන්වල දී මියගිය සහ අතුරුදන් වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විරුවන්ගේ ළඟම ඥාතීන් සහ දු දරුවන් වෙත ප්‍රණාමය පුද කරන ලදි. මෙම වාර්ෂික සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහභාගි විය. 27 වන වරටත් සංවිධානය කළ මෙම උත්සවයේ දී රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා උත්තරීතර කැපවීමක් සිදු කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු නිලධාරීන් 143 දෙනෙක් හා සෙසු නිලයන් 3719 දෙනෙකු වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්විම සිදුවිය. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් සමරු උත්සවය සඳහා සිංහ රෙජිමේන්තු මුලස්ථානය වෙත පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය. උත්සවය ආරම්භයත් සමඟ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විමෙන් අනතුරුව මියගිය විරුවන්ගේ ළඟම ඥාතීන් සහ දු දරුවන් ද රණවිරු ස්මාරකය සිය ගෞරවය පුද කරන ලදි. මෙම උත්සවය ඇමතු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කපිතන් අලදෙණිය සහ හසලක ගාමිණි වැනි විරුවන් සිදු කල උත්තරීතර පරිත්‍යාගයන් සිහිපත් කල අතර, වර්තමානයේ පවතින සාමකාමි වාතාවරනයත් සමඟ රට සීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටීන බව ද මතක් කරන ලදි. අනතුරුව ආබාධිත විරුවන් වෙත ත්‍යාග පාර්සල් බෙදාදීම ද ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් සිදුවිය. විශ්‍රාමික ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. එමෙන්ම මෙයට සමගාමිව අද (12) දින සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් ද, පසුදින (13) දානමය පිංකමක් ද පැවැත් වේ. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.ඒ.එල්. රත්නායක ඇතුලු සියලුම නිලයන් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ අතර, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩි.ඩබ්. හපුආරච්චි මෙන්ම තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
latest Running
|
Releases Nike Shoes