Header

Sri Lanka Army

Defender of the Nation

12th December 2015 00:00:42 Hours

‘විෂන් - 2020’ වැඩසටහන සඳහා මධ්‍යම සෙබලුන්ගේ සහාය

අන්ධභාවය වැළැක්වීම සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘විෂන් - 2020’ ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමි පා ගමන නොවැම්බර් 30 සිට දෙසැම්බර් 06 යන දිනයන්හි මහනුවර සිට මැණික්දිවෙල දක්වා 111 සහ 112 බලසේනා ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක වූ අතර, ඊට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලන් ද එක්වූහ. සියලු බලසේනා නියෝජනය කරමින් සෙබලුන් මෙම පාගමන සඳහා සහභාගි වූ අතර, සිවිල් වැසියන් ද මීට එක්ව සිටියහ. එසේම, සහභාගිවූවන් වෙත ආහාරපාන සැපයීම මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සිදුකෙරිනි.Running sports | Nike for Men