Header

Sri Lanka Army

Defender of the Nation

11th December 2015 23:58:45 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ මෙහෙයවීමෙන් ශ්‍රමදාන ව්‍යාපාර දියත් කෙරේ

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනාවට අයත් බලඇණි කිහිපයක් දෙසැම්බර් මස 03 - 05 යන දිනයන්හි ශ්‍රමදාන ව්‍යාපාර කිහිපයක් පවත්වන ලදි. 3 වන (ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන් දෙසැම්බර් 03 වන දින නුවරඑළිය ස්වර්ණගිරි විහාරස්ථානය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක නිරත වූ අතර, තවත් ශ්‍රමදාන ව්‍යාපාරයක් 22 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් විසින් වටවල දිසා රෝහලේ දී ක්‍රියාත්මක කරන ලදි. මෙම ශ්‍රමදාන ව්‍යාපාර දෙකම අදාළ බලඇණිවල අණදෙන නිලධාරීන්ගේ මගපෙන්වීම මත සිදුවිය.latest Running Sneakers | Entrainement Nike