Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2015 12:40:09 Hours

යුද හමුදා අරක්කැමියන්ගේ සහ භෝජනාගාර සේවකයන්ගේ දැනුම වැඩුමට පුහුණුවක්

යුද හමුදා නිවාඩු නිකේතනයන් හා ප්‍රධාන භෝජනාගාරයන්හි සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන්ගේ සේවා තත්වය ඉහළ නැංවිම සඳහා සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් පවත්වනු ලබන සුපවේදී/භෝජනාගාර පාඨමාලාවේ දෙවන අදියර පසුගියදා අවසන් විය. යුද හමුදාපතිගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම පුහුණු වැඩසටහනේ පළමු අදියර පසුගිය මැයි මාසයේ දී පවත්වන ලදි. සුවිස් ලංකා හෝටල් පාසලේ සහ ඇක්වයිනාස් විශ්වවිද්‍යාල පාසලේ අනුග්‍රහයෙන් පැවැත් වූ මෙම සුපවේදී පාඨමාලාව සඳහා අරක්කැමි හා භෝජනාගාර සේවක මහතුන් 25 දෙනෙකු සහභාගි වූ අතර, ඔවුන් වෙත සහතිකපත් පිරිනැමිම සිවිල් පරිපාලන අධ්‍යක්ෂ ගාමිනි මහගමගේ මහතා විසින් සිදු කෙරිනි. මෙම වර්ෂය තුල දී අරක්කැමි හා භෝජනාගාර සේවක මහතුන් 100 කට වැඩි පිරිසක් දිවයිනේ ප්‍රසිද්ධ හෝටල් වෙතින් තම වෘත්තිය උසස් තත්වයකට ගෙන ඒම සඳහා අවශ්‍ය පුහුණුව ලබා දී ඇත. තව ද, මෙම පාඨමාලාව සාර්ථකව නිමකළ සේවක මහතුන් වෙත ලයා හෝටල් ජාලයේ හෝටල් වෙතින් මාස 02 ක ප්‍රායෝගික පුහුණුවක් ද ලබාදෙනු ලැබේ. ඒ අනුව නව දෙනෙකුගෙන් යුත් එහි පළමු කණ්ඩායම මේ වන විට ලයා බිච්, ලයා ලෙෂර් හා ලායා සෆාරි යන හෝටල් වෙත යොමු කර ඇත.Nike Sneakers | nike