Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2015 23:28:00 Hours

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය තවත් ඉංග්‍රිසී පාඨමාලාවක් නිමාවේ

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඉංග්‍රිසී භාෂා දැනුම වර්ධන කිරිමේ අරමුණින් ආරම්භ කළ නිලධාරින් සඳහා වූ ඉංග්‍රිසී භාෂා පාඨමාලාව අදියර III පසුගිය සිකුරාදා (04) සාර්ථකව නිම කළ අතර, එම පාඨාමාලාවේ සමාප්ති උළෙල යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සියලු බලඇණි නියෝජනය වන පරිදි තරුණ නිලධාරීන් 37 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගි වූ අතර, එහිදි ලබාගත් දැනුම ප්‍රදර්ශණය කරමින් සමාප්ති උළෙලේ දී විවිධ ප්‍රසංගයක් ද පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති රාජපක්ෂ සහභාගි වූ අතර, ඉංග්‍රිසී භාෂා දැනුම වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ඔහු සිය කථාව පවත්වන ලදි. යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරි කරනු ලබන බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් මෙන්ම සිවිල් උපදේශකයින් වන රාජ්කුමාර් මහතා සහ ශ්‍රීතාර් මහතා යන මේ සඳහා එක්ව සිටියහ.Sports brands | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret