Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2015 23:22:01 Hours

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය ජීව වායු ව්‍යාපෘතියක් ආරම්භ කරයි

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ ඉල්ලීමකට අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ඉදිකිරීමට යෝජිත ජීව වායු ව්‍යාපෘතිය සඳහා සුදුසු ස්ථානයක් පරික්ෂා කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා (03) දින පනාගොඩ යුද හමුදා ජනපදයේ සංචාරය කරන ලදි. බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ සම්බන්ධිකරණය යටතේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් යොජිත ජීව වායු ඒකක දෙකක් සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගන්නා ලදි. මෙම ව්‍යාපෘති මඟින් ජීව වායු නිපදවීම සඳහා පරිසර හිතකාමිව කඳවුරෙන් බැහැර කරනු ලබන කාබනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කරනු ලබයි.spy offers | Nike Releases, Launch Links & Raffles