Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
06th December 2015 16:19:58 Hours
ශ්‍රී ලංකා නිල සංචාරය නිම කළ ඉන්දීය හමුදා ප්‍රධානි නැවත මව්රට බලා පිටත් වේ
යුද හමුදාපතිතුමාගේ ආරාධනයෙන් දිවයිනට පැමිණි ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිං ඇතුලු නියෝජිත පිරිස පස්දින නිල සංචාරය නිමාකරමින් සිකුරාදා (04) දින පෙරවරුවේ ඉන්දියාව බලා පිටත් වූහ. ජෙනරාල් ඩල්බීර් සිං සමගින් මෙම සංචාරය සඳහා පැමිණි නමිතා සුහාග් මහත්මිය, බ්‍රිගේඩියර් ගෝපාල් ගුරාන්ග්, කර්නල් අමිතාබ් ජා සහ කපිතන් එන්.කේ සරස්වත් ඇතුළු පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති ඇතුළු පිරිසක් හමු අතර, එම පිරිස යුද හමුදා මූලස්ථානය, මහනුවර, ත්‍රිකුණාමලය සහ ගාල්ල ප්‍රදේශයේ ද සංචාරයක නිරත විය. එමෙන්ම ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී බත්තරමුල්ල රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්විය. ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං ඇතුළු පිරිස දිවයිනෙන් සමුගෙන සිය මව් රට බලා පිටත් වීමේ අවස්ථාව සඳහා කොළඔ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත යුද හමුදාපතිතුමා වෙනුවට මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ඩයස් සහභාගි විය. 1980 දශකයේ ඉන්දීය සාමසාධක හමුදා මෙහෙයුම සඳහා සිය දායකත්වය දුන් ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී දිවයිනෙන් සමුගැනීමේ අවස්ථාවේ දී සිය සංචාරය තුලදී ලබා ගත් සමරු සටහන් එක් කරමින් සකසන ලද ජායාරෑප ඇල්බමයක් මේජර් ජෙනරාල් ජගත් ඩයස් විසින් ජෙනරාල් ඩල්බීර් සිං වෙත ලබා දෙනු ලැබීය. ජෙනරාල් ඩල්බීර් සිං දිවයිනෙන් පිටත් වීමේ අවස්ථාවේ සුභපැතීම සඳහා ගුවන්තොටුපල වෙත ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිළධාරී මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් ප්‍රකාශ් ගෝපාලන්, අධ්‍යක්ෂ මෙහෙයුම් බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න සහභාගි වූහ. එමෙන්ම මෙරට සංචාරය නිමා කරමින් සිය මව් රට බලා පිටත්වන ජෙනරාල් ඩල්බීර් සිංගේ භාර්යාව වන නමිතා සුහාග් මහත්මිය වෙත සුභ පැතීම සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකයේ උප සහභාපති ශාරන්කි ඩයස් මහත්මිය සහභාගි වූ අතර, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය විසින් ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානිගේ බිරිද වන නමිතා සුහාග් මහත්මිය පිළිගැනීම සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් සඳුදා (30) දින කිංස්බරි හෝටලයේ දී උත්සවයක් ද පවත්වන ලදී . ශ්‍රී ලංකාවට පැමිණී ඉන්දී හමුදා ප්‍රධානී සඳුදා (30) දින යුද හමුදාපතිතුමා හමු වූ අතර, එහිදී මේ වන විට කලාපය තුල උද්ගතව ඇති ත්‍රස්ත තර්ජන, සයිබර් ප්‍රහාර ආදි ගැටළු පිළිබඳව කරුණු හමුදා ප්‍රධානීන් දෙපල අතර සාකච්ඡාවට භාජනය කෙරුනු අතර, ඒවාට මුහුණ දෙන ආකාරය පිළිබඳව ද අවධාරනය කෙරිනි. එමෙන්ම මේ වන විට දෙපාර්ශවය අතර සිදු කෙරෙන පුහුණු වැඩසටහන් ඉදිරියේ දී අනාගතයට අවශ්‍ය ලෙස පුළුල් කරන ආකාරය ද කතාබහ කෙරිනි. ශ්‍රී ලංකා හමුදාවේ යුද තාක්ෂණය වැඩි දියුණු කිරීමට තම හමුදාවේ සහය ලබාදීමේ කටයුතු පිළිබඳව ද ජෙනරාල් සිං කරුණු ගෙනහැර දැක්වීය. මෙහිදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් දෙරට අතර සිදුවන හමුදා පුහුණු කටයුතු තව තවත් දියුණු කරන ලෙස ද ඉල්ලා සිටිනු ලැබීය.
Sneakers Store
|
adidas poccnr jumper dress pants size