Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2015 22:35:11 Hours

යුද හමුදා විශ්‍රාමිකයින් සඳහා සංස්කරණ වැඩමුළුවක්

ඉදිරි වසර 02 ඇතුලත යුද හමුදාවෙන් විශ්‍රාම යාමට නියමිත යුද හමුදා සාමාජිකයන් සඳහා සංස්කරණ වැඩමුළුවක් පසුගිය සඳුදා (30) දින කලාඔය කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලේ දී ආරම්භ කරන ලදි. ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියට අයත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන් හා රාජ්‍ය පුහුණු මධ්‍යස්ථානයන්හි 2016 ජනවාරි මස සිට වෘත්තීය පුහුණු පාඨමාලාවන් හැදැරීමට නියමිතය. මෙහි ආරම්භක දේශනය මේ සඳහා අනුශාසකත්වය සැපයු කොනොනි පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජී.ජේ. තිලකරත්න විසින් සිදු කළ අතර, කොනොනි පුහුණු පාසලේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩි.ආර්.එන්. හෙට්ටිආරච්චි ද මේ සඳහා එක්ව සිටියහ. වෘත්තීය පුහුණූ අධිකාරියේ පාඨමාලාවන් හැදින්වීම, පාඨමාලාවන්හි වැදගත්කම හා පාඨමාලා උපදෙස් ලබා දීම පිළිබඳ දේශන, මත් ද්‍රව්‍ය නිවාරණ දේශන, ඉදිරි ජීවන දැක්ම පිළිබඳව දේශන, භාවනා වැඩසටහන හා මානසික ඒකාග්‍රතාවය වැඩිදියුණු කරගැනීමේ දේශන, සාරධර්ම පිළිබඳව ආගමික දේශන, සනීපාරක්ෂාව පිළිබඳව වෛද්‍ය දේශන, මූල්‍ය කළමණාකරණය හා බැංකු කටයුතු පිළිබඳව දේශන, සිවිල් නීතිය හා සමාජ අපගමනය පිලිබඳව දේශන, ආකල්ප වර්ධනය සහ ධනාත්මක චින්තනය පිලිබඳව දේශන, නායකත්ව දේශන වැනි මාතෘකා ඔස්සේ මෙහි දි දේශන පවත්වන ලදි.url clone | Nike SB