Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2015 16:16:45 Hours

යුද හමුදාව ඉදි කළ සංඝාවාසය විවෘත කෙරේ

වෙල්ලාවෙලි, සින්නවත්ත ශ්‍රී පාන්තාරාම විහාරයේ නවතමයෙන් ඉදිකළ සංඝාවාසය පසුගිය සිකුරාදා (27) දින 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.ඩි.යූ.කේ. හෙට්ටිආරච්චි විසින් විවෘත කරන ලදි. ඒ අනුව මෙම ඉදිකිරිම් කටයුතු 231 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.ඩි.එස්.පී. නිවුන්හැල්ලගේ සහ 11 වන (ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජේ.ඒ.ජේ. ජයරත්නගේ අධික්ෂණය මත සිදු කෙරුනු අතර, 11 වන (ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන් විසින් මේ සඳහා පෙදරේරු ශ්‍රම දායකත්වය දක්වන ලදි. විහාරාධිපති ස්වාමින් වහන්සේ 231 බලසේනාවෙන් සිදු කළ ඉල්ලීමකට අනුව එහි සෙබලුන් මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. අවට ගම්වාසි දානපතීන් සහ සැදැහැවතුන් ද මෙම ඉදිකිරීම් කටයුතු සඳහා සහයෝගය දැක්වීය.latest jordan Sneakers | adidas Campus 80s South Park Towelie - GZ9177