Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
04th December 2015 15:34:33 Hours
ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත සිය ශ්‍රී ලංකා යුද හමුදාපතිගෙන් හමුදා ගෞරව සහිත උණුසුම් පිළිගැනීමක්
1987 දී ශ්‍රී ලංකාව ත්‍රස්ථවාදීන්ගෙන් මුදවා ගැනීම උදෙසා සාම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරව ඉන්දීය සාමසාධක හමුදාව දියත් කරනු ලැබූ ‘පවන්’ මෙහෙයුම සඳහා කණ්ඩායම් භාර නිළධාරීයෙක් ලෙස දායක වී සිය ප්‍රථම යුදබිම් අත්දැකීම ලබමින් මේ වන විට අවුරුදු 40 කට අධික කාලයක් ඉන්දීය යුද හමුදාවට මහඟු සේවාවක් ඉටු කරනු ලැබූ ඉන්දියාවේ 26 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං සඳුදා (30) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් යුද හමුදා මූලස්ථානයට පැමිණියේ සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියකින් හමුදා ගෞරවාචාර පුද ලබමිනි. යුද හමුදා මූලස්ථානයට පැමිණි ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිං වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගනයේ දී ගජබා රෙජිමේන්තු සෙබලුන් විසින් දැකුම්කළු ආචාර සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙලපාලියක් පිරිනමනු ලැබීය. සම්මාන මුරය පිළිගැනීම සඳහා ඉන්දීය හමුදා ප්‍රධානි කැඳවා ගෙන යන ලද්දේ ගජබා රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් එස්.ඩබ්.එල් දවුලගල විසිනි. අනතුරුව යුද හමුදාපති කාර්යාලය වෙත පැමිණි ජෙනරාල් ඩල්බීර් සිං යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගනිමින් සිය ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ද හඳුන්වා දෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් ඩයස්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහින්ද අඹන්පොල ඇතුළු මාණ්ඩලික නිලධාරීහු රැසක් එක්ව සිටියහ. මෙහි දී ජෙනරාල් ඩල්බිර් සිං සහ ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් දෙරටටම බලපාන වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා සිදු කෙරුණ අතර, වර්ෂ 1987 දී එකල තරුණ නිලධාරියෙක් ලෙස ජෙනරාල් ඩල්බීර් සිං විසින් යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ වන්නි ප්‍රදේශවල පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදි ක්‍රියාකාරකම්වලට එරෙහි මෙහෙයුම්වල දී ඉන්දීය සාමසාධක හමුදාවේ කණ්ඩායම් භාර නිළධාරීයෙක් ලෙස ක්‍රියා කළ අන්දම මෙන්ම එහි දී ලද අත්දැකීම් සහ ඓතිහාසික සබඳතා ද මෙහි දී විශේෂයෙන් සිහිපත් කරනු ලැබීය. මේ වන විට කලාපය තුල උද්ගතව ඇති ත්‍රස්ත තර්ජන, සයිබර් ප්‍රහාර ආදි ගැටළු පිළිබඳව කරුණු හමුදා ප්‍රධානීන් දෙපල අතර සාකච්ඡාවට භාජනය කෙරුනු අතර, ඒවාට මුහුණ දෙන ආකාරය පිළිබඳව ද අවධාරනය කෙරිනි. මේ වන විට දෙපාර්ශවය අතර සිදු කෙරෙන පුහුණු වැඩසටහන් ඉදිරියේ දී අනාගතයට අවශ්‍ය ලෙස පුළුල් කරන ආකාරය ද කතාබහ කෙරිනි. ශ්‍රී ලංකා හමුදාවේ යුද තාක්ෂණය වැඩි දියුණු කිරීමට තම හමුදාවේ සහය ලබාදීමේ කටයුතු පිළිබඳව ද ජෙනරාල් සිං කරුණු ගෙනහැර දැක්වීය. මෙම සාකච්ඡා සඳහා හමුදා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, ආරාධිත හමුදා ප්‍රධානිගේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරි ලෙස ක්‍රියාකරන බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ එක්ව සිටියහ. යුද හමුදාපති කාර්යාලයේ තබා ඇති විශේෂ අමුත්තන් සඳහා වු සමරු පොතෙහි සිය සංචාරය සිහිගන්වමින් සමරු සටහනක් තැබීමට ද ඉන්දීය යුද හමුදා ප්‍රධානි කටයුතු කළේය. එමෙන්ම දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරු කර ගනිමින් සුහදත්වයට තවත් වැදගත්කමක් එක් කෙරිනි. තව ද ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්යභාරයන් සහ පුහුණු කටයුතු ආදි වැදගත් කරුණු රැසක් අලලා සකස් කරන ලද ඉදිරිපත් කිරීමක් ද යුද හමුදාපති කාර්යාලයේ දී ජෙනරාල් සිං වෙත ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා විසිනි. මෙම අවස්ථාව සඳහා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් ඩයස්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ඊ.එම්.එම් අඹන්පොල, ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ඇතුළු මාණ්ඩලික නිලධාරීහු රැසක් එක්වූහ. ජෙනරාල් ඩල්බිර් සිං සමඟින් නමිතා සුහාග් මහත්මිය, මේජර් ජෙනරාල් ගෝපාල් ගුරන්, කර්නල් අමිතාබ් ජා සහ කපිතාන් එන්.කේ සරස්වත් මෙම නියෝජිත කණ්ඩායමට ඇතුලත් විනි. ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිං දශක හතරක් මුළුල්ලේ ඉන්දීය යුද හමුදාව වෙනුවෙන් කළ අපරිමිත සේවය උදෙසා පරම විශිෂ්ට් සේවා පදක්කම, උත්තම විශිෂ්ට් සේවා පදක්කම, අති විශිෂ්ට් සේවා පදක්කම සහ විශිෂ්ට් සේවා පදක්කමෙන් මෙන්ම තවත් පදක්කම් රැසකින් පිදුම් ලබා ඇත. 1987 දී ශ්‍රී ලංකාව ත්‍රස්ථවාදීන්ගෙන් මුදවා ගැනීම උදෙසා සාම ගිවිසුම අත්සන් කර ඉන්දීය සාමසාධක භට කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවට පැමිණි හෙතෙම එකල දියත් කල ක්‍රියාන්විත පිළිබඳව මතකය අවධි කරනු නිසැකය. එමෙන්ම ඉන්දීය සාමසාධක හමුදාව විසින් දියත් කරනු ලැබූ ‘පවන්’ මෙහෙයුමේ දී තරුණ නිලධාරියෙක් ලෙස සිටි හෙතෙම ප්‍රථම කණ්ඩායම් භාර නිළධාරියෙකු ලෙස භට පිරිස් මෙහෙය වූ අතර, එය ජෙනරාල් ඩල්බීර් සිං ගේ ප්‍රථම යුදබිම් ක්‍රියාන්විතය ද වේ. ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානිගේ සංචාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික සහ ගුවන් හමුදාපතිවරු ඇතුළු පිරිසක් හමුවීමට නියමිතය. පලාලිහි ඉදි කොට ඇති ඉන්දීය සාමසාධක ස්මාරකයට ගෞරව දැක්වීමට ද නියමිතය. ජෙනරාල් සිංගේ පවුලේ පරම්පරා දෙකක් ඉන්දීය යුද හමුදාවේ කණිෂ්ඨ නිලතලවල සේවය කර ඇත. අනතුරුව අද (30) යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවීමෙන් අනතුරුව ඉන්දීය හමුදා ප්‍රධානි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක ලේකම් ඉංජි. කරුණසේන හෙට්ටිආරච්චි මහතා මෙන්ම නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති ද හමුවීමට සැලසුම් කොට ඇත.
jordan Sneakers
|
Hats to Match Jordans Hyper Royal Bulls Hat