Header

Sri Lanka Army

Defender of the Nation

01st December 2015 20:10:57 Hours

පොදු සේවා බලකාය පනාගොඩ දී නව නිෂ්පාදන වෙළඳ සැලක් විවෘත කරයි

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අදහසකට අනුව ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ බලකාධිපතිගේ අධීක්ෂණය යටතේ පනාගොඩ 1 වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා පරිශ්‍රයේ දී එළවළු සහ ආහාර ද්‍රව්‍ය ඇතුලත් නව වෙළඳ සැලක් සිකුරාදා (27) දින විවෘත කරනු ලැබීය. මෙම වෙළඳ සැල සෑම සිකුරාදාවකම ප.ව. 3 වන තෙක් විවෘතව පවතී. යුද හමුදා ගොවිපොලවල නිපදවන නිෂ්පාදනයන් සාධාරණ මිලක් යටතේ මෙහි දී අලෙවි කෙරේ. මෙම වෙළඳසැල විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි වූ අතර, සියලු මධ්‍යස්ථාන සේනාවිධායකවරු, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් ද ඊට එක්වූහ.Asics footwear | Nike Shoes, Clothing & Accessories