Header

Sri Lanka Army

Defender of the Nation

01st December 2015 19:56:00 Hours

දිළිඳු පවුල් සඳහා වියළි සලාක පිරිනමයි

නාච්චිකුඩා ප්‍රදේශයේ දිළිඳු පවුල් 05 ක් සඳහා වියළි සලාක පාර්සල්, නිමි ඇඳුම් සහ සෙල්ලම් බඩු ආදිය බෙදාදීම පසුගිය බදාදා (22) දින සිදු කෙරිනි. මෙම වැඩසටහන කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව මෙම සත්කාර්යය සංවිධානය කරනු ලැබීය. කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 651 වන බලසේනාව ඊට උපදෙස් ලබාදුනි. ඒ සඳහා අනුග්‍රහය ලබා දුන්නේ කොළඹ මාස් හෝල්ඩින්ස්හි නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය විසිනි. 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණ දෙන නිලධාරි ප්‍රමුඛ අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් ඊට සහභාගි වූහ.jordan Sneakers | Footwear