Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
29th November 2015 20:20:54 Hours
ද්විපාර්ශවීය ආරක්ෂක සබඳතා පුළුල් කරමින් පැමිණෙන ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි හරසරින් පිළිගැනේ
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බිර් සිං සුහාග් දින 5 නිල සංචාරයක් සඳහා ඉරිදා (29) දින පස්වරුවේ මෙරටට පැමිණි අතර, ඔහුගේ සංචාරය තුලදී දෙරට අතර ද්විපාර්ශවීය ආරක්ෂක සබඳතා පුළුල් කිරීම සහ ආරක්ෂක සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මෙරටට පැමිණි ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි සම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ නර්තනාංගයන් පෙරටු කොට ගෙන රතු පලස මතින් පිළිගෙන ගුවන් තොටුපල පර්යන්තයට කැඳවා ගෙන එනු ලැබීය. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ සේවා වනිතා යුද හමුදා ශාඛාවේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය එක්ව ජෙනරාල් ඩල්බීර් සිං සහ එම මහත්මිය වන නමිතා සුහාග් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුහ. ජෙනරාල් ඩල්බීර් සිං වර්ෂ 1987 ශ්‍රී ලංකාවේ සාම සාධක මෙහෙයුම් වලදී කණ්ඩායම් භාර නිළධාරී ලෙස ක්‍රියා කළ අතර, මිලියන 1.3 ක් පමණ වූ ඉන්දීය හමුදාවේ 26 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියාය. ජෙනරාල් ඩල්බීර් සිං සමගින් මෙම සංචාරය සඳහා නමිතා සුහාග් මහත්මිය, බ්‍රිගේඩියර් ගෝපාල් ගුරාන්ග්, කර්නල් අමිතාබ් ජා සහ කපිතන් එන්.කේ සරස්වත් සහභාගි වූවෝ වෙති. මෙරට දින 5 ක සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ගුවන් තොටුපලේ පිළිගැනීම සඳහා ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් අරින්දම් බග්චි මහතා, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති, ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, හමුදා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, අධ්‍යක්ෂ ක්‍රියා සහකාර සම්බන්ධීකරණ ලේකම් බ්‍රිගේඩියර් එච්.එම්.ජේ.කේ ගුණරත්න, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් ප්‍රකාශ් ගෝපාලන් ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියහ. ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ගුවන් හමුදාපති ඇතුළු පිරිසක් හමුවීමට නියමිතය. එමෙන්ම බත්තරමුල්ල රණවිරු ස්මාරකයට සහ පලාලි ඉන්දීය සාමසාධක ස්මාරකයට ද හෙතෙම පුෂ්පෝපහාර දැක්වීමට නියමිතව ඇත. එමෙන්ම යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය විසින් ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානිගේ බිරිද වන නමිතා සුහාග් මහත්මිය පිළිගැනීම සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් සඳුදා (30) දින කිංස්බරි හෝටලයේ දී උත්සවයක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත. ජෙනරාල් ඩල්බීර් සිං පීවීඑස්එම්,යූවයිඑස්එම්,ඒවීඑස්එම්, වීඑස්එම්, ඒඩීසී ජෙනරාල් ඩල්බීර් සිං චිත්තගාර්හි සයිනික් පාසලේ ආදි සිසුවෙකු වන අතර, හෙතෙම වසර 1970 දී ජාතික ආරක්ෂක විද්‍යාලය වෙත ඇතුලත් වී ඇත. අනතුරුව 1974 වසරේ දී සාර්ථක පුහුණුවකින් පසු අධිකාරියට පත්විය. ඔහු ඔස්මේනියා විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ අධ්‍යනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාර ඇති අතර, චෙන්නායි විශ්ව විද්‍යාලයෙන් උපාය මාර්ගික අධ්‍යන ශාස්ත්‍රපති උපාධිය ද හදාරා ඇත. එමෙන්ම ඉන්දියාවේ දී සහ විදෙස් රටවල් රැසක දී විවිධ පාඨමාලා හදාරා ඇති අතර, ඒ අනුව සිකන්දරාබාද්හි දී දීර්ඝ ආරක්ෂක කළමනාකරණ පාඨමාලාව ද නව දිල්ලියෙහි දී ජාතික ආරක්ෂක පාඨමාලාව ද, ඇමෙරිකා එක්සත් ජනපදයේ දී විධායක නිළධාරී පාඨමාලාව සහ කෙන්යාවේ දී ජ්‍යෙෂ්ඨ නායක පාඨමාලාව ද හදාරා ඇත. දශක හතරක් පුරා විහිදුනු හමුදා දිවිය තුළ ජෙනරාල් ඩල්බීර් සිං උතුරු නැගෙනහිර සහ ජම්මු කාශ්මීර් හි සටන්කාමීන්ට එරෙහිව ප්‍රතිත්‍රස්ථ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබූ අතර, අණ හා මාණ්ඩලික තනතුරු රැසක් ද හොබවනු ලැබීය. එමෙන්ම එකල ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ ත්‍රස්ථවාදීන්ට එරෙහිව දියත්කල ‘පවන්’මෙහෙයුමේ කණ්ඩායම් භාර නිළධාරී ලෙස ක්‍රියා කර ඇති අතර, කාශ්මීර නිම්නයේ පැවති කැරැල්ලේ දී රාශ්ට්‍රිය රයිෆල් බළඇණියේ සහ පාබල බලසේනාවේ සාමාජිකයෙකු ලෙස ද ක්‍රියා කර ඇත. ඔහු ඉහළ උන්නතාංශ ප්‍රදේශවල, ජම්මු සහ කාශ්මීරයේ අතිශය දුෂ්කර කඳු ආශ්‍රිත ප්‍රදේශයන්හි කරනු ලැබූ සේවය වෙනුවෙන් ද ගෞරවය පිරිනමා ඇත. ඉන්දු - චීන දේශ සීමාරාජකාරී මෙන්ම, නැගෙනහිර ප්‍රධාන අණදෙන නිලධාරි ලෙස ද රාජකාර ඉටු කර ඇත. මොහු 2014 ජුලි මස 31 වන දින ඉන්දියාවේ 26 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාරගත් අතර, යුද හමුදාව වෙනුවෙන් කළ අපරිමිත සේවය උදෙසා පරම විශිෂ්ට සේවා පදක්කම, උත්තම යුද සේවා පදක්කම, අති විශිෂ්ට සේවා පදක්කම සහ විශිෂ්ට සේවා පදක්කමෙන් පිදුම් ලබා ඇත. දක්ෂ ක්‍රීඩකයෙකු වන මොහු යතුරු පැදි ධාවනයට සහ පිහිනීමට දස්කම් දක්වන අතර, දිල්ලි විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා උපාධිධාරිනියක වන නමිතා සුහාග් මහත්මිය සමඟ විවාහ වී ඇත.
trace affiliate link
|
Klær Nike