Header

Sri Lanka Army

Defender of the Nation

27th November 2015 16:01:15 Hours

පොහෝ දිනයේ බෝධි පූජා පිංකමක්

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 7 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය ඉල් පුන් පොහෝ දිනය (25) වෙනුවෙන් බෝධි පූජා පිංකමක් පැවැත්වීය. මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ උපදෙස් මේ සඳහා ලැබුණි. මිය ගිය යුද හමුදා විරුවන්ට පිං පැමිණවීමත්, සේවයේ යෙදී සිටින රණවිරුවන්ට ආශිර්වාද පැතීමත් මූලදීප විහාරයේ දී මෙසේ සිදු කෙරිනි. උතුරු - නැඟෙනහිර ප්‍රධාන සංඝනායක පූජ්‍ය පොලොන්නරුවේ තිලකාලංකාර ස්වාමන් වහන්සේ මෙම බෝධි පූජා පිංකම මෙහෙයවීය. මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ, මුලතිව් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද හමුදා සාමාජිකයින් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.Adidas shoes | GOLF NIKE SHOES