Header

Sri Lanka Army

Defender of the Nation

23rd November 2015 20:38:33 Hours

වන්නියෙහි සංවත්සරයට සමඟාමීව නවෝත්පාදන ප්‍රදර්ශණයක්

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි අද (23) දිනට යෙදෙන 17 වන සංවත්සරයට සමගාමීව නව නිෂ්පාදන ප්‍රදර්ශණයක් නොවැම්බර් මස 20 සිට 22 දක්වා වව්නියාව නගර සභා ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතරු පළාත් ආණ්ඩුකාර ගරු එච්.එම්.ජී.එස් පලිහක්කාර සහභාගි වූහ. මේ සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංක, බලසේනාංක සහ බලඇණිවල සෙබලුන්ගේ නව නිෂ්පාදන සහ පාසල් සිසුන්ගේ සහ රජරට විශ්ව විද්‍යාල සිසුන්ගේ නව නිෂ්පාදනයන් ප්‍රදර්ශණය කරනු ලැබීය. එමෙන්ම වන්නි ප්‍රදේශයේ පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් සහ සෙබලුන්ගේ කලා කුසලතා පිළිඹිබු කරමින් ‘වන්නි සිත් රූ’ චිත්‍ර ප්‍රදර්ශණයක් ද පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සපැමිණි අමුත්තන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන අඥාපතිතුමා වෙනුවට 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න විසින් පිළිගනු ලැබූ අතර, සේනාංකාධිපතිවරුන්, බලසේනාංකාධිපතිවරුන්, අණදෙන නිළධාරීන්, නිළධාරීන්, සෙසු නිළයින් සහ ආරාධිතයින් බොහෝ පිරිසක් මීට එක්ව සිටියහ. මේ අතරතුර ළමා ආරක්ෂාව සහ අපයෝජනයන් පිළිබඳව දැනුවත් කිරීම, රථවාහන අනතුරු සහ මාර්ග ආරක්ෂාව මෙන්ම අන්තරාදායක ඖෂධ සහ වකගඩු රෝග නිවාරණය පිළිබඳව ද දැනුවත් කරනු ලැබීය. මෙම ප්‍රදර්ශණය සඳහා පාසල් සිසුන් සහ සිවිල් වැසියන් බොහෝ පිරිසක් ද සහභාගි වූහ.latest jordan Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092