Header

Sri Lanka Army

Defender of the Nation

23rd November 2015 20:34:34 Hours

4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන් සහ 583 බලසේනා සෙබලු ප්‍රජා ව්‍යාපෘතියක

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 58 වන සේනාංකය යටතේ සිටින 583 බලසේනා සෙබලුන් සහ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන් එක්ව මහනුවර දෘෂ්ඨී විශේෂඥ පුද්ගලික ආයතනයෙහි දායකත්වයෙන් කෑගල්ල, කොටියාකුඹුර ප්‍රදේශවාසීන් සඳහා අක්ෂි සායනයක් පවත්වනු ලැබීය. අක්ෂි විශේෂඥ වෛද්‍ය නිමල් වීරකෝන් විසින් 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බලඇණි පරිශ්‍රයේ පවත්වනු ලැබූ මෙම වෛද්‍ය සායනය සඳහා ප්‍රදේශවාසීන් 474 දෙනෙකු සහභාගි විය. අක්ෂි විශේෂඥ වෛද්‍ය වීරකෝන් සහ මහනුවර දෘෂ්ඨී විශේෂඥ පුද්ගලික ආයතනයෙහි දායකත්වයෙන් මෙම සත්කාර්ය සඳහා ඇස් කණ්නාඩි පරිත්‍යාග කර ඇත. 58 වන සේනාංකයේ දේනාංකාධිපති මේජර් ජෙනරාල් කාවින්ද්‍ර දුනවර්ධනගේ සහ 583 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රන්දුල හතාන්ගොඩ අධීක්ෂනයෙන් පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණ දෙණ නිළධාරී, අම්පේ ශ්‍රී සෝභිතාරාම විද්‍යාසාගර පිරිවෙනෙහි ප්‍රධාන සංඝණායක සමගින් රජයේ නිළධාරීන් බොහෝ පිරිසක් සහභාගි වුහ.Authentic Nike Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK