Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
21st November 2015 20:05:35 Hours
කමාන්ඩෝ පැරෂුට් නිලධාරියා යුද සුනඛයෙකු වන ටීෂා සමඟින් වාර්තාගත පැනීමක්
1 වන ශ්‍රී ලංකා කමාන්ඩෝ රෙජිමේන්තුවේ පැරෂුට් නිලධාරියෙකු වන මේජර් එම්.එන්.පි.එස්. සිරන්ජීව (48) විසින් සෙනසුරාදා (21) කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී පැවති විසිරයෑමේ පෙළපාලියේ පිරික්සුම් පහන් සංදර්ශණයේ දී යුද සුනඛයෙකු වන ටීෂා සමඟින් අඩි 4000 පමණ උඩු ගුවනේ සිට ආරක්ෂිතව අත්පොළසන් නද මධ්‍යයේ පැරෂුටයක් මඟින් කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල පරිශ්‍රය වෙත පනිමින් ශ්‍රී ලංකා පැරෂුට් කේෂ්ත්‍රයේ ඉතිහාසගත නව වාර්තාවක් පිහිටුවන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වු ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සමගින් පැමිණි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මෙම ත්‍රාසජනක පැරෂුට් සංදර්ශණය නැරඹීමෙන් මහත් උද්දාමයට පත් වූ අතර, ඔහුගේ එම නිර්භීත ක්‍රියාව පිළිබඳව සිය ප්‍රසාදය පළකරන ලදි. මේජර් එම්.එන්.පි.එස්. සිරන්ජීව 1995 දී පැරෂුට් පුහුණුව ආරම්භ කිරීමෙන් පසු මෙතෙක් වසර 20 ක පමණ කාලය තුල දී ජාත්‍යන්තර අවස්ථා , රාජ්‍ය උත්සව මෙන්ම තවත් උත්සව රැසකට සහභාගි වී ඇත. කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එල්.ඩබ්.එච්. ගමගේ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මේජර් සිරන්ජීව හට නව වාර්තාවක් තැබීම සඳහා උනන්දු කරනු ලැබූ අතර, සුනඛයෙකු සමඟින් උඩුගුවනේ සිට පැරෂුටයක් මඟින් පනින ලද ප්‍රථම අවස්ථාව ද මෙය වේ. එසේම මෙහිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි - 17 වර්ගයේ ගුවන් යානාවේ ගුවන් නියමුවා වූ බලපන්ති ලුතිතන් රජිව් ජයවික්‍රම විසින් දක්ෂ ලෙස ගුවන් යානාව හසුරුවා ගුවනේ සිට ආරක්ෂිතව බිමට පතිතවීම සඳහා මේජර් සිරන්ජීව වෙත අවශ්‍ය සිය සහයෝගය දක්වන ලදි. තවද මෙම නිලධාරීයා යුද හමුදාවට කිර්තීයක් අත්කර දෙමින් 2008 වර්ෂයේ හයිද්‍රාබාද් හි පැවති ඉන්දීය ලෝක හමුදා පැරෂුට් ශුරතාව සහ 2009 වර්ෂයේ බිජිං හි පැවති චීන කොරියානු සහයෝගීතා තරඟාවලිය වැනි ජාත්‍යන්තර හා ජාතික තරඟ ඉසව් ගණනාවකට සහභාගි වී ඇත. මෙම අවස්ථාව සඳහා පැමිණිසිටි සම්භාවනීය අමුත්තන් උද්දාමයට පත් කරමින් මේජර් සිරන්ජීව විසින් මෙම පැරෂුට් පැනීම සිදු කළ අතර, නුඳුරු අනාගතයේ දී යුද හමුදාපතිතුමාගේ අවසරය මත යුද හමුදා ධජය රැගෙන පැරෂුටයක් මඟින් පනිමින් තවත් විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට ද බලපොරොත්තුවෙන් සිටියි.
Sports Shoes
|
Women's Nike Superrep