Header

Sri Lanka Army

Defender of the Nation

21st November 2015 16:25:08 Hours

යුද හමුදා මූලස්ථානයෙහි සංචාරයට පැමිණි ආරක්ෂක ලේකම්තුමා හමුදා හරසර මැද පිළිගැනේ

ආරක්ෂක ලේකම් ධූරයේ රාජකාරි ඇරඹීමෙන් පසු ප්‍රථම වතාවට ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (20) දින උදෑසන යුද හමුදා මූලස්ථානයට සපැමිණි අතර, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු ‍නිලධාරින් විසින් හෙතෙම හමුදා ගෞරවාචාර සහිතව උණුසුම් අයුරින් පිළිගත්හ. පෙ.ව. 08.25 ට පමණ යුද හමුදා මූලස්ථානය වෙත පැමිණි ආරක්ෂක ලේකම්වරයා වෙත ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා පාබල හමුදා සෙබලුන් විසින් ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමූ අතර, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ සහ යුද හමුදා මූලස්ථාන බලඇණියේ අණ දෙණ නිළධාරී විසින් ආරක්ෂක ලේකම්වරයා පිළිගෙන ක්‍රීඩාංගණය වෙත කැඳවාගෙන යනු ලැබීය. එහි දී ඉංජිනේරු හෙට්ටිආරච්චි මහතා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහ පෙළපාලියේ අණදෙන නිලධාරි සමඟින් සම්මාන පෙළපාලිය නිරීක්ෂණය කළ අතර, එම අවස්ථාව දැකබලා ගැනීමට ජ්‍යෙෂ්ඨ නිලධාරිහු රැසක් ද එක්ව සිටියහ. අනතුරුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ආරක්ෂක ලේකම්වරයා හමුදාපති ලේකම් කාර්යාල පිවිසුම අභියස දී උණුසුම් අයුරින් පිළිගෙන තම ප්‍රධාන මාණ්ඩලික නිළධාරීන් ද හඳුන්වා දෙනු ලැබීය. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක, පාබල අධ්‍යක්ෂ ජෙනරාල්, විධායක ජෙනරාල්, මූල්‍ය කළමණාකරණ අධ්‍යක්ෂ ජෙනරාල්, උපකරණ මාස්ටර් ජෙනරාල්, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, හමුදා ලේකම් සහ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වුහ. එහි දී ආරක්ෂක ලේකම් හා යුද හමුදා ප්‍රධානී අතර වත්මන් ආරක්ෂක තත්වය සහ පොදුවේ බලපාන වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. අනතුරුව යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා විසින් හමුදා ශ්‍රවණාගාරයේ දී ආරක්ෂක ලේකම් වෙත යුද හමුදාවේ කාර්යභාරයන් පිළිබඳව සවිස්තර පැහැදිලි කිරීමක් සිදු කළේය. පෙ.ව. 09.30 වන විට ජ්‍යෙෂ්ඨ යුද හමුදා සහ සිවිල් නිලධාරීන් සියල්ලෝම හමුදා ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයට පැමිණි අතර, අනතුරුව ආරක්ෂක ලේකම්වරයා රැස්ව සිටි මෙම පිරිස අමතනු ලැබීය. එහිදී ඒ මහතා පවසා සිටියේ විවිධ මට්ටමේ නව අභියෝගයන් පැමිණෙන විට ඊට මුහුණදීමට ‘උපාය මාර්ගික ආරක්ෂක නිශ්කාශන ප්‍රතිපත්ති ’ රාජ්‍ය හා සම්බන්ධ වූ සියලු ජාතික ප්‍රතිපත්තිවලදී අදාල කරගත යුතු බවයි. ඉංජිනේරු හෙට්ටිආරච්චි මහතා රැස්ව සිටි පිරිස අමතමින් ආරක්ෂක අංශවල ගෞරවය ආරක්ෂා වන පරිදි වෘත්තීය හැකියාවන් තුලින් වෘත්තීමය අභ්‍යාස සහ විනයගරුකබව රැක ගනිමින් මතු වන ගැටළුවලට කණ්ඩායමක් ලෙස එකට එක්ව මුහුණදීමෙන් ගෞරවාන්විත හමුදාවක් පවත්වා ගැනීමට අවශ්‍යවන කරුණූ පිළිබඳව ආරක්ෂක අංශ සාමාජිකයින් තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය. “ත්‍රස්තවාදය පරාජය කොට රටට නිදහස උදාකරදීමට ඔබ සැම කළ උදාර කැප කිරීමට අප ඔබට ස්තූතිවන්ත වෙනවා. සමාජයේ වෙනත් විවිධ ස්ථරයන්හි යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමේ අභියෝග ද අප හමුවේ තිබෙනවා. හමුදාවක් වශයෙන් ඔබ සැම ක්‍රියා කරන්නේ, නිර්ණය කරන්නේ හමුදාමය පැතිකඩකින්. ඒ නිසා අප සිවිල් සමාජය හා එක්ව සමබරතාවය ඇති කිරීමට ක්‍රියා කළ යුතුයි. මක් නිසාද යත් පළමුව ක්‍රියා කර දෙවනුව පැමිණිලි කිරීම ඉතා යෝග්‍ය සංකල්පයක් ලෙස පිළිගන්නා නිසායි” යනුවෙන් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය. සාමාජීය ආකල්ප, ගුණාංග ඉතාමත් අයහපත් ලෙස පිරිහී තිබෙන මෙවන් අවධියක දේශපාලනීකරණය නොවූ ඔබගේ හමුදාමය වැනි වෘත්තීය ආයතනයන් එවැනි දේ නිවැරදි කිරිමට ලබාදිය හැකි දායකත්වය ඉතා ඉහළයි. එම නිසා හමුදාවේ ගෞරවය ආරක්ෂා කරගනිමින් ඔබගේ විනය ඉතා ඉහළ මට්ටමක පවත්වා ගෙන යාමට තවදුරටත් කටයුතු කළ යුතු යැයි වැඩිදුරටත් පැවසීය. යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් තවදුරටත් ඇමතූ එතුමා හමුදාවේ සේවය ඉතා අත්‍යවශ්‍ය බැවින් ආරක්ෂක අමාත්‍යාංශ අනුමැතිය මත දීමනා ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල වෙත යොමු කර ඇති බව ද පැවසීය. අප සියලු දෙනා අලුත් කර්තව්‍යයකට යොමු වී සිටින නිසා නවකයින් ලෙස සැමවිටම සිතන්නේ නම් ඉතා අගනා බව පැහැදිලි කළ ඒ මහතා තමන් ද ආරක්ෂක අමාත්‍යාංශයට නවකයෙක් බවත් සෑම අවස්ථාවකම අලුතින් යමක් ඉගෙන ගැනීමේ ක්‍රියාවලියේ නිරතව සිටින බවත් පැවසීය. සිය කතාව අවසන් කරමින් ආරක්ෂක ලේකම්තුමා පවසා සිටියේ ආරක්ෂක අංශ සිදු කරන විවිධ කාර්යයන් පිළිබඳව මහජනතාව වෙත නිරන්තරව සන්නිවේදනය කරන ලෙසයි. මහජනයා මෙවැනි දේ පිළිබඳව වැටහීමක් නොමැති නිසා ඔබ කරන කාර්යයන් පිලිබඳ නිරතුරුව ඔවුන්ව දැනුවත් කරන ලෙස පැවසීය. පසුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් යුද හමුදා මූලස්ථානයේ සිදු කළ මෙම සංචාරය සිහිගන්වමින් ආරක්ෂක ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා 2015 සැප්තැම්බර් මස 09 වන දින ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස රාජකාරි ඇරඹීය. 1950 වසරේ මාර්තු මස 20 වන දින උපත ලද ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප්‍රාථමික සහ ද්වීතීය අධ්‍යාපනය හදාරනු ලැබුවේ පොළොන්නරුව රාජකීය විදුහලෙන් සහ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විදුහලෙනි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා 1977 වසරේ ඉංජිනේරු (ගෞරව) උපාධිය දිනා ගනු ලැබීය. ඉන් අනතුරුව බෙල්ජියමේ ලිවෙන් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය දිනා ගත්තේ 1986 වසරේදීය. ඉන් නොනැවතුනු හෙතෙම දේශීය සහ විදේශීය පුහුණු පාඨමාලා රැසකට දායක වී ඇත. ජලය, වාරිමාර්ග, ඝණ අපද්‍රව්‍ය සහ ව්‍යාපෘති කළමණාකරණය ආදි ක්ෂේත්‍ර කළමණාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන් ගණනාවකට සහභාගිවී තිබේ. ශ්‍රී ලංකාවේ දී සම්පත් කළමණාකරණ පුහුණුව (1983), පිලිපීනයේ දී ජල කළමණාකරණ පුහුණුව (1983), බෙල්ජියමේ දී කළමණාකරණ පුහුණුව (1985), තායිලන්තයේ දී ජල කළමණාකරණ පුහුණුව (1988) සහ ටෝකියෝහි දී ව්‍යාපෘති කළමණාකරණ පුහුණුව (2000) මෙසේ සම්බන්ධ වී ඇති පුහුණු වැඩසටහන් වේ. එමෙන්ම ඉංජිනේරු හෙට්ටිආරච්චි මහතා එෆ්අයිඊ (ශ්‍රී ලංකා), වරලත් ඉංජිනේරු (එක්සත් රාජධානිය) 1981, වරලත් ඉංජිනේරු (ශ්‍රී ලංකා) 1981, එම්අයිඊපී (ශ්‍රී ලංකා) 2006 සහ එෆ්අයිඑම් (ශ්‍රී ලංකා) හි සාමාජිකත්වය දරයි. තවද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ මහතා දෙස් විදෙස් සාකච්ඡා, සම්මන්ත්‍රණ සහ සමුළු සඳහා රජය වෙනුවෙන් සම්බන්ධ වී මූලිකත්වය ගෙන කටයුතු කොට ඇත. 40 වසරක් මහජන සේවයෙහි යෙදුනු ඔහු රාජ්‍ය සංවිධාන සහ ආයතනවල මූලිකත්වය ගෙන කටයුතු කළ කීර්තිමත් මහජන සේවකයෙකි. හෙතෙම නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ සිවිල් ඉංජිනේරුවෙක් ලෙස සිය වෘත්තීමය දිවිය අරඹා ඇත. එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු රැසක් හොඹවා ඇති මොහු නව තනතුරට පත් වීමට පෙර 2015 වර්ෂයේ නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යංශයේ ලේකම් ලෙස ද කටයුතු කර ඇත. සියෙරා ඉංජිනේරු ශිල්පි සහ ඉදිකිරීම් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති‍, කම්කරු සබඳතා සහ විදෙස් රැකියා අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, ජාත්‍යන්තර ජපන් බැංකු සංගමයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති විශේෂඥ, ඛණිජ සම්පත් අමාත්‍යාංශයේ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සභාපති, නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ පිරිසිදු ජනාවාස ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, නිපොන් කෝයි උපදේශකයින්ගේ සමාගමේ සිවිල් ඉංජිනේරු විශේෂඥ, වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරු සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නේවාසික ඉංජිනේරු ආදි තනතුරු රැසක් ඉසිලූ ඉංජිනේරු හෙට්ටිආරච්චි මහතා විවිධ මට්ටමේ වගකීම් රැසක් දැරූ විද්වතෙකි. තම වෘත්තීය දැනුම උපයෝගි කොට ගනිමින් ඉංජිනේරු හෙට්ටිආරච්චි මහතා ජාතික සහ ජාත්‍යන්තර සමුළු ආදියට ප්‍රකාශන සහ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කොට ඇත. ඒ අනුව 1992 වසරේ දී බෙල්ජියමේ පැවති තිරසාර ඉඩම් පරිහරණ පිළිබඳ සමුළුවටත්, 1993 චිනයේ පැවති වාරිමාර්ග හා ජලාපවාහන ව්‍යාපෘති පිළිබඳ ජාත්‍යන්තර සමුළුවටත්, 1993 පකිස්තානයේ පාරිසරික තිරසාර වාරිමාර්ග සංවර්ධන පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ දී තිරසාර ඉඩම් භාවිතය සඳහා වාරිමාර්ග පහසුකම් කළමනාකරණය පිළිව ද, 1994 දී චීනයේ පැවති ජාත්‍යන්තර සමුළුවකටත් මෙන්ම 1990 වසරේ දී නඩත්තු කටයුතු, පුනරුත්ථාපනය, වැඩිදියුණු කිරීම හා නවීකරණය කිරීම වෙනුවෙන් ආදි ලෙස වාර්තාවන් 150 ක් පමණ ඉදිරිපත් කොට ඇත. දැනට විශ්‍රාම ලබා සිටින එවකට පාසල් ගුරුවරියක් වූ වසන්තා ගුණවර්ධන මහත්මිය සමඟින් විවාහ වි සිටින ඒ මහතා පුතෙකුගේ සහ දියණියකගේ ආදරණීය පියෙකි.buy footwear | Nike News