Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
21st November 2015 16:19:42 Hours
කුඩාඔය පුහුණු පාසලේ දී කමාන්ඩෝ සෙබලුන් 396 දෙනෙකු විසිර යයි
කමාන්ඩෝ රෙජිමේන්තුවේ පාඨමාළා අංක 45 යටතේ කමාන්ඩෝ පුහුණුව ලැබු නිළධාරීන් 4 දෙනෙක් සහ සෙසු නිළයින් 392 කු සෙනසුරාදා (21) දින ඌව - කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී විසිර යනු ලැබූහ. එම විසිරයාමේ පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගි විය. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා ද සමගින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව එතුමා වෙත සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදි. එහිදි ඉංජිනේරු හෙට්ටිආරච්චි මහතා පෙළපාලියේ අණදෙන නිලධාරි සමඟින් සම්මාන පෙළපාලිය නිරීක්ෂණය කරන ලදි. අනතුරුව විසිර යනු ලැබූ නිළධාරීන් සහ සෙසු නිළයින් සඳහා ඔවුන්ගේ දෙමව්පියන් සහ ළඟම ඥාතීන් විසින් කමාන්ඩෝ ලාංජන පළඳවනු ලැබීය. එමෙන්ම විසිර යනු ලැබූ නිළධාරීන් සහ සෙසු නිළයින් වෙත මෙරුන් පැහැති හිස් වැසුම් පැළඳවිම ප්‍රධාන ආරාධිත අමුත්තා, යුද හමුදාපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති විසින් සිදු කෙරිනි. මෙහිදී විශේෂ කුසලතා දැක්වූ කමාන්ඩෝ සෙබලුන් සඳහා ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් විශේෂ ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය. මෙවර පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස ලුතිතන් එස්.එච්.ජී ප්‍රනාන්දු ද, දක්ෂතම වෙඩික්කරු ලෙස සාමාන්‍ය සෙබළ එච්.ආර්.එච් මධුශංක ද, ශාරීරික අභ්‍යාස පුහුණු දක්ෂතම ශිෂ්‍යයා ලෙස ලුතිතන් එස්.එම්.ඒ.ජී සෙනෙවිරත්න ද සම්මාන හිමිකර ගනු ලැබීය. මෙම උත්සවය අවසානයේ කමාන්ඩෝ සෙබලුන් විසින් සිය ශක්තිය, ධෛර්යය මෙන්ම සටන් කුසලතා මනාව විදහා දක්වමින් පවත්වනු ලැබූ සංදර්ශණය, නරඹන්නන් ත්‍රාසයට පත්කරනු ලැබීය. එමෙන්ම මෙහිදි 1 වන ශ්‍රී ලංකා කමාන්ඩෝ රෙජිමේන්තුවේ දක්ෂතම පැරෂුට් නිලධාරියෙකු වන මේජර් එම්.එන්.පි.එස්. සිරන්ජීව විසින් පැමිණ සිටින්නන්ගේ අත්පොළසන් මධ්‍යයේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සුනඛයෙකු වන ටීෂා සමඟින් අඩි 4000 පමණ උඩු ගුවනේ සිට ආරක්ෂිතව පැරෂුටයක් මඟින් බිමට පනිමින් ශ්‍රී ලංකාව තුල වාර්තාවක් පිහිටුවන ලදි. මෙම උත්සවය තවත් විචිත්‍රවත් කරමින් කමාන්ඩෝ සෙබලුන් විසින් සිය හැකියාවන් විදහා දක්වමින් පැරෂුට් සංදර්ශණ, ටයිකොන්ඩෝ සංදර්ශණ, සුනඛ සංදර්ශණ සහ ස්නයිපර් සදංර්ශණ ඉදිරිපත් කරන ලදි. කමාන්ඩෝ පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් කේ.ඒ සමරසිරි සහ ප්‍රධාන උපදේශක මේජර් ඒ.ඒ.එන් අධිකාරි ඇතුළු කමාන්ඩෝ සෙබලුන්ගේ නෑදෑ හිතමිතුරන් 8,000 කට අධික පිරිසක් මෙම අවස්ථාව නැරඹීම සඳහා සහභාගි වූහ. තවද, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ඒ.කේ.එස්. පෙරේරා සහ 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී.ආර්.එච්. ඩයස් ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Sports Shoes
|
Jordan Shoes Sale UK