Header

Sri Lanka Army

Defender of the Nation

19th November 2015 19:54:58 Hours

මධ්‍යම සෙබලු ශ්‍රමදාන රැසක

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින 111 වන බලසේනාවේ 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා සෙබලුන් විසින් සිකුරාදා (13) දින එම බලකායේ අණදෙණ නිළධාරීගේ අධීක්ෂණයෙන් ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොතුපිටිය මහා විද්‍යාලයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වා ඇත. එමෙන්ම මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන 121 බලසේනාවේ 12 වන ගජබා රෙජිමේන්තු සෙබලුන් විසින් සෙනසුරාදා (14) දින එම රෙජිමේන්තු අණදෙන නිළධාරීගේ අධීක්ෂණයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ මාලිගාවිල පුරාණ රජමහා විහාරස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය. මේ අතරතුර 22 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් විසින් එම බලඇණියේ අණදෙන නිළධාරීගේ අධීක්ෂණයෙන් සඳුදා (15) දින අඹගමුව රිකාටන් විහාරස්ථානය තුළ සිමෙන්ති අතුරා ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම කර්තව්‍යයන් ඉටු කිරීම වෙනුවෙන් උක්ත විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේ යුද හමුදාව වෙත සිය ආශිර්වාදය පැතීය.Running Sneakers Store | Autres