Header

Sri Lanka Army

Defender of the Nation

19th November 2015 19:46:38 Hours

මුලතිව් ආරක්ෂක සේනාවේ පුහුණු දින දේශනයක්

යුද හමුදා මූලස්ථානයේ සහ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිගේ සෘජු උපදෙස් මත එම මූලස්ථානයට අයත් සේනාංක, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස සහ බල සේනාවන්හි රාජකාරි කරනු ලබන නිලධාරින් තම පුහුණු දින දේශන මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී බදාදා (18) දින ඉදිරිපත් කලහ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිගේඩියර් පාලන සහ භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩී.ඒ.එස් දෙහිවත්ත සහභාගි වී ආරම්භක දේශනය ද සිදු කළේය. 68 වන සේනාංකයේ ලුතිතන් කර්නල් එම්.ඒ.ඩී.ආර් මංගල ‘අරමුණු කළමණාකරණය’ පිළිබඳව ද 6 වන (සෙව්) සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් එම්.ඒ අමන්ත ‘ඒකක ආරක්ෂක සැලසුම්කරණය’ පිළිබඳව ද තම ඉදිරිපත් කිරීම්වලට අදාල දේශන පැවැත්වීය. මෙම අවස්ථාවට නිලධාරීන් 70 කට අධික පිරිසක් සහභාගි වූහ. trace affiliate link | Nike - Shoes & Sportswear Clothing